ශ්‍රී ලංකන් නිසා වැඩ වැරදුන ණය ශේණි ගත කිරීම

lankaccnews.com

ඩොලර් බිලියන දොළහකට අධික සොවරිත්ව බැඳුම්කර ප්‍රතිවිහ ගත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහල දැමීමට ලොව ප්‍රමුඛ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙකක් වන මූඩීස් සහ ෆිච් රේටින්ග්ස් ආයතන පසුගියදා කටයුතු කළා.

ඒ අනුව ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් පැහැර හැරීම් ශ්‍රේණිගත කිරීම ආර් ඩි දීමට්ටමේ සිට සීසීසී ධන මට්ටම දක්වා ඉහළ දමා තිබූ අතර මෝඩීස් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ශ්‍රී ලංකාව සී ඒ මට්ටමේ සිට සී ඒ ඒක මට්ටම දක්වා ඉහල දැමූ බව නිවේදනය කළා.

මෝඩිස් හා හව් ෆිච් රේටින්ග්ස් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමුවද තවත් ප්‍රමුඛ පෙළේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩ්ස් ඇන්ඩ් පුවර්ස් ආයතනය ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළ නොදමා තවදුරටත් පැවති තත්ත්වයම පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඩොලර් මිලියන 175ක බැඳුම්කරයක් ප්‍රතිවියුහ ගත කිරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වීම හේතුවෙන්. ස්ටෑන්ඩ්ස් ඇන්ඩ් පුවර්ස් ආයතනය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජය අදාළ ඩොලර් මිලියන 175ක බැඳුම්කරය සම්පූර්ණ කළ පසු දිගු කාලීන විදේශ මුදල් පැහැර හැරීම් ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවිය හැකි බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *