හොරායින් ඡාවාරම තුළින් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ වූ චෝදනාවලට වරදකරු කෙරුනු මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවෙකු වන ගම්පොළ විදානෙලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා , ඔහුගේ බිරිද සහ තවත් කාන්තාවකට බරපතල වැඩ සහිත වසර 8 බැගින් සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළා. එමෙන්ම මත්ද්‍රව්‍ය ඡාවාරම තුළින් මිලදී ගත් රාඡගිරිය රෝයල් පාක් සුපිරි නිවාස සංකීර්ණය සහ බගතලේ පාරේ මෙන්ම මැකාදීස් සුපිරි නිවාස සංකීර්ණයේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා නිවාස කිහිපයක්, අධි සුඛෝපභෝගී වාහන 4 ක් සහ රන් ආභරණ කිලෝ තුනහමාරක් රාඡසන්තක කිරීමට විනිසුරුවරයා මෙහිදී නියෝග කළා. ඊට අමතරව විත්තිකරුවන්ගේ ( වෙලේ සුදා ) නමින් පවත්වාගෙන ගිය රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික මුදල් තැන්පතු සහිත බැංකු ගිණුම් කිහිපයක්ද රාඡසන්තක කෙරුණා.
Related Posts
සාධාරණය ඉල්ලා ඔස්ට්‍රේලියාවේ සිට ලංකාවට ආ මව හැඬූ කදුළින් කියූ දේ
කොල්ලුපිටියේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක හත්වැනි මහලෙන් පැන විදේශකයෙකු සීයදිවි නසා ගැනීමේ පුවතක් පසුගිය හයවෙනිදා අපට වාර්තා වුණා. එම පුද්ගලයා…
ජොන්ස්ටන් ප්‍රනාන්දු සුරා බදු මුදල් ගෙවයි
ජොන්ස්ටන් ප්‍රනාන්දු හිග සුරා බදු මුදල් ගෙවූ බවට තොරතුරු වාර්තා වනවා . නොවැම්බර් 30 වන දාට පෙර ගෙවන ලෙසට සුරා…
පාර්ලිමේන්තු වැඩ පිළිවෙල සිදු වන්නේ මෙහෙමයි
2024 මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තු කැදවීම පිළිබදව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ගැසට් නිවේදනය…