විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය තෝරා ගන්නේ පාසල් අවධියේ. සාමාන්‍ය පෙළ කරන්න කලින් තමයි මම ජනතා විමුකුති පෙරමුණේ සාමාජිකයෙක් වුනේ. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ.
හිරන්ත කියල සහෝදරයෙක් තමයි පංති පහ කරේ. අජිත් සහෝදරයා හරහා තමයි අපි සම්බන්දෙ හදාගත්තේ. එතකොට එදා ඒ හදා ගත්ත සම්බන්දේ අජිත් කිවා මට නම් පූර්ණ කාලීන වෙන්න බැහැ කියල.
නමුත් උදය කීර්තියි මමයි තීරණය කළා පූර්ණ කාලීන වෙන්න. හැබැයි මම හිතුවා ඕලෙවෙල් කරන්න ඕනි. ඕලෙවල් කරා සමත් වුනා ඊට පස්සේ ඒලෙවෙල් කරන්න ඕනි.
නමුත් 88 අග විතර වෙනකොට මම තීරණය කළා පූර්ණ කාලීනව යන්න. නමුත් අපේ තාත්තා මේකට විරුද්ධ වුනා. තාත්තා සම්ප්‍රදායිකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බර කෙනෙක්.
තාත්තා වස කුප්පියක් සාක්කුවේ දාගෙන උබ ගියොත් මම මේක බොනවා කියල තර්ජනේ කරා. මායි තාත්තයි ඔය කලේ වෙනකනුත් චූටි කාලේ ඉදන් එකට එක ඇදේ නිදාගන්නේ. තාත්තත් එක්ක තිබ්බ බැදීම් අනිත් බැදීම් වලට වඩා බලවත්. තාත්තා මොකක් හරි කර ගනී කියන බය තිබ්බා.
තාත්තා එක දවසක් මගෙනුත් බේරෙන්න බැරි නිසා කේන්දරෙත් අරගෙන කවුද ජෝතිෂ වේදියෙක් ළගට අරන් ගියා. ඒ මනුස්සයා තමයි මාව බේරුවේ. මම දන්නේ නැහැ ඒ කවුද කියල . ඒ මනුස්සයා කියල තිබ්බ මේ මනුස්සයට අවශ්‍ය තීරණ ගන්න දෙන්න කියල.
මම ඊට පස්සේ පූර්ණ කාලීනව ගියා. එහෙම ගියේ 88 අග. එතකොට 89යේ රෝහණ සහෝදරයා ඝාතනයට ලක් වුනු පුවත එන්නේ මාතර බොහොම පටු මාර්ගයක අපි පයින් යද්දී. ඒ වෙද්දී බස් නැහැ. හක්මණ ඉදන් දෙනියායට යන්නේ පයින්. ඉතින් එහෙම ගිහිල්ලා මර්ධනයත් එක්ක ඒ විනාශේ වුනු බවයි විමල් වීරවංශ ප්‍රකාශ කලේ.
ඊට පස්සේ අපි කමල් දේශප්‍රිය හෙවත් සෙනවි කියන සහෝදරයා මූලික කොට ගෙන අපි පුංචි කවයක් හදාගෙන අර අමාරු කාලේ සගරාව ඉන්න අය අතරේ බෙදා හරිමින් බලාපොරොත්තු නොබිදෙන ලෙස කටයුතු කළා. ඊට පස්සේ ලක්මිනට ගියා මම කාටුන් ශිල්පියෙක් විදිහට . දේශපාලන විග්‍රහය ලියන්න පටන් ගත්තා.කතු වැකිය. ඊට පස්සේ ලක්දිව ඊට පස්සේ හිරු.