සියලු කාන්ඩ වල විදුලි ගාස්තු සීයට විස්සකින් අඩු කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. එහි සන්නිවේදන අංශයේ අධ්යක්ෂ ජයනාත් හේරත් මහතා ඒ බව සඳහන් කළේ මෙ වන විට කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්.
සමස්ථයක් විදියට විදුලි ගාස්තු අඩුවෙනවා සියලුම කාණ්ඩවලට ඇවරේජ් ඒ කියන්නේ සාමාන්‍යයක් විදියට සියයට 20කින් විදුලි ගාස්තු අඩුවීමක් තමා අද තීරණය කළේ. අද මධ්‍යම රාත්‍රියේ සිට මේ විදුලි ගාස්තු ක්‍රියාත්මක වෙනවා මුල් මාස හයක කාලය සඳහා. ගෘහස්ත අංශය සඳහා සාමාන්‍ය විදුලි ගාස්තු අඩු කිරීම සීයට විස්සක් වෙනවා. ඒ වගේම ගෘහස්ත අංශය අපි දන්නවා කාණ්ඩ කීපයක් තියෙනවා
බින්දුව තිහ අතර කාණ්ඩයේ ඒ කාන්ඩයට විදුලි ගාස්තු සියයට විසි නවයක අඩු කිරීමක් ලැබෙනවා.
ඒ වගේම තිස් එක හැට අතර පාරිභෝගික කාණ්ඩයේ ගෘහස්ථා අංශයේ ඒ අයට සියයට විසි අටක විදුලි ගාස්තු අඩු වීමක් ලැබෙන ඒගොල්ලන්ගේ මාසික විදුලි ගාස්තු වගේම ඒගොල්ලන්ගේ යුනිට් එකක ගාස්තුවත් දෙකම අඩුවෙනවා සාමාන්‍යයෙන් ඒ කාණ්ඩවල මෙතෙක් පැවති රුපියල් හයක ඒකක ගාස්තුව රුපියල් හතර දක්වා අඩු වෙනවා. ඒ වගේම ඒක බින්දුවක් තිහක් අතර පැවැති සීයක මාසික ගාස්තුව රුපියල් 75 දක්වා අඩු වෙනවා.
ඊළඟට තිස් එක හැට අතර කාණ්ඩයේ මෙතෙක් පැවති ඒකක ගාස්තුව රුපියල් නමයක් වුණේ .ඒ ගාස්තු රුපියල් හය දක්වා අඩු වෙනවා. ඒ වගේම මාසෙත් ගාස්තුව ඒ කාණ්ඩෙ දෙසිය පනහක් තිබුණ එක රුපියල් 200 දක්වා අඩු වෙනව.
එතකොට අපි සාමාන්‍ය ඇවරේජ් බිලක් ගත්තහම ඒකක තිහක ඒ කාණ්ඩයේ ඒක තිහක් පාවිච්චි කරපු මෙතෙක් රුපියල් 280ක බිල් ගෙවපු කෙනෙක්ගේ බිල මාසිකව රුපියල් 195 දක්වා අඩු වෙනවා. සියයට තිහකින් විතර. ඒ වගේම ඒකක හැටක් තියෙන උපකල්පනය මත අපි බිලක් හැදුවොත් එයාට දැනට ගෙවන්න වෙන රුපියල් හත්සීයක් ඒක රුපියල් 500 දක්වා සියයට විසි නාමයකින් අඩු වෙනවා ඒ කාණ්ඩයේ සඳහා.
හැට එක අනූව අතර කාණ්ඩය සඳහා විදුලි ගාස්තු රුපියල් සීයට දහ නමයකින් අඩුවෙනවා 91 180 කියන කාණ්ඩ සඳහා සියයට දහ අටකින් අඩු වෙනවා. 180ට වැඩි කාණ්ඩය සඳහා සියයට දහ නමයකින් අඩුවෙනවා එතකොට මේ සමස්ත අඩු වීම තමා ගෘහස්ථ අංශයට සීයට විස්සක් වෙන්නේ.
ඒ වගේම ඒ සමස්ත අඩුවීම සියලුම කාණ්ඩුවලටත් සියයට 20ක අඩුවීමක් වෙන්නේ. හැබැයි උප කාණ්ඩවලට යම් යම් ප්‍රතිශත වල වෙනසක් තියෙනවා. ඊළඟට අපි පොදු කාර්යය කියන කාණ්ඩය ගත්තහම මේ වාණිජ ආයතනවල සියයට දොළහකින් අඩු වෙනවා. ඊළඟට රාජ්‍ය ආයතන ගාවමන්ට සෙක්ටර් එකට අඩුවෙන සියයට එකොළහකින්.
ඒ වගේම හෝටල් අංශය සඳහා වැඩිම අඩු විම තියෙන්නේ. සියයට තිස් එකක අඩුවීමක් තියෙනවා කර්මාන්ත අංශය සදහා සීයට තිහක අඩු වීමක් තියෙනවා. ආගමික හා පුණ්‍යාතන සඳහා විසි එකක අඩුවීමක් , වීදි ලාම්පු සඳහා මේ ආකාරයට සීයට11 ක ගාස්තු අඩු වීමක් තමා අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන්නේ.
අපි ගෘහස්ථ අංශයේ ඉහළ බිල් පැත්ත බැලුවොත් එහෙම මාසයකට ඒකක 300ක් විතර පාවිච්චි කරන කෙනෙක් දැන් ගෙවනවා රුපියල් දාහතරදාස් හයසිය හැටක් ඒ මාසික මිලක් වෙනවා 11900 දක්වා සියයට දහ නමයකින්. සාමාන්‍යයෙන් යුනිට් එකසිය පනහක් පාවිච්චි කරන කෙනෙක් දැන් 5460 ක් ගෙවනවා එයාගේ මාසික බිල 4170 දක්වා අඩු වෙනවා සීයට විසි හතරකින් “