නව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බලශක්තිය අමාත්‍යංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා එහි දැක්වුණේ මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම එම නිර්දේශ නිල වශයෙන් ලැබීමෙන් පසු මුදල් අමාත්‍යංශයේ උපදෙස් අනුව සිදුකිරීමට නියමිත බව ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇති බවයි. මේ අතර විදුලි ගාස්තු අඩුවීම සම්බන්ධයෙන් පාර්ශව රැසක් අදහස් පළ කළා
නන්දික පතිරගේ – මාධ්‍ය ප්‍රකාශක – විදුලි ඉංජිනේරු සංගමය
” විදුලි බලමණ්ඩලය මූලික යෝජනා දුන්නේ විදුලි ගාස්තු අඩුකළ නොහැකි කියල. නියාමන කොමිසම කියවුනා 11% අඩු කරන්න කියලා. සමස්තය 20% අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේක තවදුරටත් අඩු කරගන්න පුළුවන්. 2022 බිලෙන් සියයට දහතුනක් පහළොවක ප්‍රමාණයක් තමයි දැන් වැඩි. අපි කවුරු මොනවා කිව්වත් අපිට මේකත් අඩු කරගන්න පුළුවන් ඉදිරියට. ඉතින් අපි හිතමු වර්ෂාව අඩු වුනොත්අපට තව ටිකක් වැඩිපුර තෙල් දාන්න වෙයි. එතකොට අපිට ඊළඟ ජූනි මාසයේ ඒජස් කරන්න වෙයි. ජලාශ වල වතුරතත්වය ගත්තේ හොඳයි. ඉදිරියටයන්න පුළුවන්. ඉතින් යහපත් බලාපොරොත්තු අපි ළග තියෙනවා.”