දිවයිනට බලපා ඇති අධික කාලගුණ තත්වය අද පස්වරු කාලයේදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. විශේෂයෙන්ම උතුර, වයභ , බටහිර සහ බස්නාහිර පළාත් වල කඩින් කඩ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.
මෙහි බලපෑමත් සමග අද දිනයේදී ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 150 ඉක්ම වූ තද වර්ෂා පතනයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පැවසුවේ.
ඊයේ දින වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී තිබුනේ මුලතිව් දිස්ත්‍රික්කයෙන්. එය සටහන් වුයේ මිලිමීටර් 250 ලෙසයි.