ආර්ථික අර්බුදය හමුවේ මෙරටට වාහන ආනයනය තහනම් කෙරුණු අතර වසර ගණනාවකට පසු එම සීමා එකවර ලිහිල් නොකර කාණ්ඩ 4 ක් යටතේ වාහන ආනයනයට අවසර දෙන බව පසුගිය වසරේ මැයි මාසයේදී ප්‍රකාශයට පත් කෙරුණා. අනතුරුව මෙම වසරේ පෙබරවාරි පළමු වෙනිදා සිට පෞද්ගලික පරිහරණය සඳහා ද වාහන ආනයනයට අවසර ලබා දීමටයි රඡය තීරණය කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන් මෙලෙස අදහස් පළ කළා.
“ලංකාවේ රඡය විසින් එල් සී නැවැත්තුවයි කියලා ලොකු කැලලක් ඡපානය තුළ තාම තියනවා. ඉතිං අපේ මාකට් එක මෙච්චරකල් වහලා තිබ්බ නිසා ඒක එච්චර අපිට දැනුන් නැහැ. මං හිතන්නේ දැන් පෙබරවාරි මාසයේදී වාහන මාකට් එක විවෘත කිරීමේ දී මෙම එල් සී ඡපානයට විවෘත කිරීමේදී අපි තාමත් දන්නේ නෑ කොහොමද ඡපන් බැංකු මේ වෙනුවෙන් වැඩ කරන්නේ කියලා. මොකද ලංකාව අයි.එම්.එෆ්. ප්‍රෝගෑම් එකත් එක්ක මේ තත්වෙට ඇවිල්ලා ඉන්නවා කියලා අපි ඒගොල්ලන්ට ඩේටා ලබා දුන්නා. ඉතිං අපි බලාපොරොත්තු වෙනවා පෙබරවාරා මාසේ වෙනකොට ඒක ගැන හොද පිළිතුරක් ලැබෙයි කියලා බැංකුවලින්. ඒක නිසා අපි සියලු දෙනාම සන්තෝස වුනත් මට එක ප්‍රශ්නයක් එතන පේනවා.. එකපාරටම අපි හිතන තරම් වාහන ගොඩක් ආනයනය කිරීමට ලංකාවට හැකි වෙනේකන් නැහැයි කියලා. “
ඡගත් රාමනායක – සභාපති – ඡපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය
“සාමාන්‍ය මනුස්සයෙක්ට සාධාරණ විදියට වාහනයක් ගැනීමේ ආසාව තියෙනවා. ඒ ආසාව උදා කිරීම තමයි අපේ මූලික අරමුණ. මේ වාහන මං හිතන්නේ ලබන අවුරුද්දේ බිලියනයක් හරි 1.2 ක් හරි වගේ තමයි රඡය වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. ඒ මුදල එහෙම වෙන්නෙම නෑ. මොකද මේ වාහන ක්ෂේත්රය ඇරියට පස්සේ වෙනත් රටවල ඉන්න විදේශ රැකියා කරන අය සල්ලි එවලා ඔය මුදල භාගෙකට අඩු වෙනවා කියලා මං කියන්න කැමති. සල්ලි තියෙන අයට රඡයට බදු ගන්න තියෙන හොදම තැන.”
ඉන්දික මෙරිංචිගේ – සභාපති – ලංකා ආනයනකරුවන්ගේ සංගමය
“රඡය මේ ඉන්පෝර්ට් එක අවුරුදු 5 ක් වහලා තියෙනවා. එතකොට මේක අරිද්දි මිස්ටේක් වුනොත් ආයිත් මේක වහන්න වෙනවා. මේක ලොකු ඉන්ඩස්ට්‍රි එකක්. මේකෙන් රැකෙන පිරිස වැඩියි. අඩුම ගානේ ඡොබ්ස් සෘඡු හා වක්‍රව ගත්තොත් මිලියන 2, 3 ක ඡොබ්ස් නැවත ඕපන් වෙනවා. ප්‍රධානම දේ කවුරුත් කළබල වෙන්න එපා. ගිහිල්ලා බොරුවට ඇඩ්වාන්ස්, අත්තිකාරම් මුදල් කිසි කෙනෙකුට ගෙවන්න යන්න එපා. රාඡ්‍ය ආදායම ලබාගන්න තියෙන ලේසිම ක්‍රමයක් තමයි වාහන ආනයනය.”
ප්‍රසාද් මානගේ – සභාපති – ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය
ඡපානයෙන් වාහනයක් නැව්ගත කරනකොට සාමාන්‍යයෙන් මෙහෙන් ගෙවන්න ඕන මිල කොච්චරක් විතර වෙයිද?
“ඒක දැන් මේ තියෙන තත්වෙත් එක්ක කියන්න බැහැ. මොකද අපි තාම හරියට ඩියුටි එකක් කොහොමද කියලා දන්නෙත් නෑ. අපි තාම ඡපානයේ මිල කොයි විදියට බලපානවද මෙහෙ තියෙන ඉල්ලුමත් එක්ක කියලා කියන්නත් බැහැ. ලක්ෂ 25 ඉදන් ඉහළට තියෙනවා. “
සඡිව් රාඡපුත්ර – සභාපති – ගෝලීය ශ්‍රී ලාංකික ව්‍යාපාරික සංගමය