තෑග්ග හැටියට වාහන පර්මිට් දීලා
මඩේ ලැගපු ඌරෝ, මඩ හෝදගන්න නෙවෙයි ට්‍රයි කරන්නේ තමන්ගේ ඇගේ තියෙන මඩ ටික කොහේ හරි තාප්පෙක, ගලක, ගහක උල උලා යන්න. ඒ වගේ වැඩක් තමයි මේ කරමින් ඉන්නේ. දයාසිරි කියන්න ඕනකම තියෙන්නේ ඔහු ඡනාධිපති අරමුදලෙන් කොච්චර මුදලක් ගත්තද?
රක්ෂණයෙනුත් ගත්තද ඒකට? මෙහෙම වෙන්න බෑ. මට සිහිය නැතිවෙලා හිටියේ.. මං හිටියේ අන්කොන්ෂස් තත්වයක. මෛත්‍රීපාල සිරිසේන ඇවිත් ඒක ගෙවලා ගිහිල්ලා තිබුණා. මණ්ඩලයකින් ගන්න ඕන තීන්දුවක්..
දැන් මේ හොස්පිටල් එකට ගියාම කෙනා අන්කොන්ෂස් ඒ නිසා මං මෙයාගේ බිල ගෙවනවා වගේ තීන්දු ඡනාධිපතිට ගන්න බැහැ. එහෙම අරගෙනත් තියෙන බව අපිට ආරංචියි සමහර තීන්දු. ඔය දැන් වාහන පර්මිට් දෙනකොට එහෙම මගුල් ගෙවල්වලට ගිහින් තෑග්ග හැටියට දීලා ඇවිල්ල තියෙන්නේ සමහර ඡනාධිපතිලා. එහෙම කරලා තියෙනවා. මෙහෙම තමයි හිටපු ඡනාධිපතිලා වගකීම් විරහිතව හැසිරිලා තියෙන්නේ.”
අමාත්‍ය වෛද්‍ය නලින්ද ඡයතිස්ස – කැබිනට් ප්‍රකාශක