ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය කිරීමට සුදානම් බව ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය පවසනවා. සාකච්චාවක් කැදවමින් එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා පැවසුවේ අලුත් වාහන ගෙන්වන විට පරණ වාහන වල දැන් පවතින විෂම මිල ගණන් ද පහළ යන බවයි.
කොවිඩ් වසංගතය හේතුවෙන් සහ ආර්ථික අර්බුධය හේතුවෙන් වසර 5කට ආසන්න කාලයක් වාහන ආනයනය සම්පුර්ණයෙන්ම නතර කිරීමට රජය පියවර ගෙන තිබුණා. එම ආනයන තහනම ලිහිල් කරමින් ඔක්තෝම්බර් මාසයේ සිට ප්‍රමුඛතා පදනමක් මත කාණ්ඩ වශයෙන් ආනයනය කිරීමට එවකට පැවති කැබිනට් මණ්ඩල තීරණයක් අනුව අවසර දීමට මුදල් අමාත්‍යංශය තීරණය කළා .
එයින් පොදු ප්‍රවාහන සහ වාණිජ අවශ්‍යතා ප්රමුඛ කර ගනිමින්. කෙසේ වෙතත් රට තුළ පවතින විදේශ විනිම සංචිත වල සැලකිය යුතු ඉහළ යාම සහ රුපියල ශක්තිමත් වීම හමුවේ 2025 වසරේ පෙබරවාරි මස සිට ආනයන තහනම ඉවත් කිරීමට පසු ගිය රජයේ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුනා.
ලබන පෙබරවාරි මාසයේ සිට ආනයනය කිරීම සදහා පසු ගිය රජය ගත් තීරණය ක්‍රියාත්මක කිරීමට කිසිදු ගැටළුවක් නොමැති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ සැප්තැම්බර් මස 27 වන දා පැවතී ප්‍රවුර්ති සාකච්චාවකට එක් වෙමින්.
එම ප්‍රවුර්ති සාකච්චාවට එක් වෙමින් මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් සදහන් කලේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පවතින එකගතා නොවෙනස්ව ක්‍රියාත්මක කිරීම සුදුසු බවයි.