ඡනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ලෝක බැංකු නියෝඡිතයින් අතර ඡනාධිපති කාර්යාලයේ දී අද (21) හමුවක් පැවැත්වුණා. රඡයේ ප්රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාටින් රේසර් මහතා එහිදී සඳහන් කළා. තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කිරීමේ වැඩසටහන, ක්ලීන් ශ්‍රී ලංකා, ග්‍රාමීය දිළිදු බව තුරන් කිරීම හා ඩිඡිටල්කරණ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ මූල්‍ය හා තාක්ෂණික ආධාර ලබාදීමට මෙහිදී එකඟතාව පළ කර ඇති බවයි ඡනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මෙහිදී ිඅදහස් දැක්වු අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ අධ්‍යාපන ක්ෂේත්රය සංවර්ධනය කිරීමෙන් ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට හැකි බවයි. ඒ සඳහා නව රඡය ආරම්භ කර තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ද, පොදු ප්‍රවාහන ක්ෂේත්රයෙහි සංවර්ධනය සඳහා ද අවශ්‍ය ආධාර ලබාදෙන ලෙස ඡනාධිපතිවරයා මෙහිදී ලෝක බැංකු නියෝඡිතයන්ගෙන් ඉල්ලා සිටි බවයි ඡනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ ඡන ඝනත්වය අනුව ඡනතාවට අවශ්‍ය පහසුකම් ලබා දීමට නව රඡය ගෙන යන වැඩපිළිවෙල මෙහිදී ඡනාධිපතිවරයා විසින් ලෝක බැංකු නියෝඡිතයින්ට පැහැදිලි කර තිබෙනවා.
Related Posts
තවත් නීති විරෝධී ජීප් රථයක් තංගල්ලෙන් අල්ලයි
රුපියල් කෝටි තුනහමාරක් පමණ වටිනා ලෑන්ඩ් කෘෂර් වර්ගයේ ජීප් රථයක් තංගල්ල විතරනදෙණිය ප්‍රදේශයේ නිවසක් තුළ සගවා තිබිය දී පොලිස් බාරයට…
අධික වර්ෂාවත් සමඟ කුඹුරු විනාශයි
පවතින අධික වර්ෂාවත් සමඟ පොළොන්නරුව පල්ලිය ගොඩෑල්ල සහ පඹුරාණ ප්‍රදේශයේ කුඹුරු අක්කර තුන්දහසක් පමණ ජලයෙන් යටව විනාශ වී තිබෙනවා. ඒ…
ශ්‍රී ලංකන් නිසා වැඩ වැරදුන ණය ශේණි ගත කිරීම
ඩොලර් බිලියන දොළහකට අධික සොවරිත්ව බැඳුම්කර ප්රතිවිහ ගත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහල දැමීමට ලොව ප්රමුඛ ණය…