ලොහාන් රත්වත්තේ දෙවන වරටත් නිදහස්

ලොහාන් රත්වත්තේ

අද දින ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් ගොනු කරලා තිබ්බ නඩුකරය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ගනු ලැබුවා. එම අවස්ථාවේදී රත්වත්තේ මහතා සම්බන්ධයෙන් පෙනී සිටින ලද නීතිඥ මහත්වරුන් අතරින් මම ඉල්ලීමක් සිදු කළා..

එම මහත්මයාට අද දින ඇප ප්‍රදානය කරන ලෙසට. ඉන් අනතුරුව මෙම පැමිණිලි පාර්ශවය සමඟ එකඟ වුනා සමථයකට.. ඔවුන් හට යම් කිසි මුදලක් ලබා දීලා ගරු අධිකරණය ඉදිරියේ වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් ඕපන් ඇපොලඡි .. නැත්තන්, සමාව ඉල්ලලා මෙම නඩු කටයුතු අවසන් කර ගන්න.

පැමිණිල්ල විසින් අප විසින් කරන ලඳ ඉල්ලීම සලකා බලා මෙම පැමිණිල්ල ඉවත් කර ගැනීමට කටයුතු කරන ලෙසට අපට දැනුම් දුන්නා. ඒ අනුව මෙම නඩුවේ අද දින ලොහාන් රත්වත්තේ මහතාට ගරු අධිකරණය විසින් ඇප ප්‍රධානය කරනු ලැබුවා.

මෙම නඩුව තව දුරටත් සමථ මණ්ඩලය වෙතට යොමු කරා. සමථ මණ්ඩලය වෙතට ගොස් අදාළ සමථය සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසට.. ඉන් අනතුරුව මෙම නඩුව ඡනවාරි නව වනදා සමථයක් ඇත්නම් එය වාර්තා කොට නඩු කටයුතු අවසන් කරගැනීම පිළිබඳ කැඳවනු ලැබුවා.

ඊට වැඩිමනත් වශයෙන්, මෙම වාහනය සමබන්ධයෙන් පැමිණිල්ල විසින් ඉල්ලීමක් කරා විශේෂයෙන්ම කොල්ලුපිටිය පොලිස් ස්ථානය විසින් මෙය රස පරීක්ෂකවරයා වෙත යොමු කරන්න ඕන කියලා. මෙම වාහනය රස පරීක්ෂකවරයා වෙත යොමු කොට වාහනය සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නැත්නම්, එකී වාහනය ද වාහනයේ නීත්‍යානුකූල අයිතිකරු හට මුදා හරින ලෙසට ගරු අධිකරණය විසින් අද දින නියෝග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *