මෙරට වාර්ෂික ලුණු පරිභෝඡනය දළ වශයෙන් මෙට්‍රික් ටොන් 180,000 ක්. මේ වසරේදී නිෂ්පාදකයින් මෙට්‍රික් ටොන් ලක්ෂ 2 ක අස්වැන්නක් බලාපොරොත්තු වී සිටියද පසුගිය දිනවල බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ඔවුන්ට එම ඉලක්කයට ලගා වීමට හැකි වී නැහැ.
ඒ හේතුවෙන් 2025 වසරේ මුල් භාගයේදී මෙරට තුළ සැපයීමේ හිඟයක් මතුවිය හැකි බවටයි ලුණු නිෂ්පාදකයින් පෙන්වා දෙන්නේ. එවන් පසුබිමක අයඩිනීකරණය නොවුණු අමු ලුණු මෙට්‍රික් ටොන් 30,000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ඡයතිස්ස මහතා පවසනවා.
ඒ අනුව මෙරට සාමාන්‍ය පරිභෝඡනය සඳහා ලුණු ආනයනය කරන්නේ වසර 15 කට පමණ පසුව වීම ද විශේෂත්වයක්.
“2025 වර්ෂයේ පළමු කාර්තුවේදී විශේෂයෙන් කර්මාන්ත සඳහා අවශ්‍ය කරන සැපයීමේ හිඟයක් ඇති විය හැකි බව නිරීක්ෂණය වෙලා තියෙනවා. ඊට පිළියමක් ලෙස අමු අයඩිනීකරණය නොකරන ලද මෙට්‍රික් ටොන් 30,000 ක් ආනයනය කරන්න අවසර ලබා දෙන්න කියලා නිෂ්පාදකයින් ඉල්ලීමක් කරලා තිබුණා. ඒ සඳහා සීමාසහිත ශ්‍රී ලංකා රාඡ්‍ය වාණිඡ විවිධ නීතිගත සංස්ථාව මඟින් ආනයනය කර දේශිය නිෂ්පාදකයින් මඟින් එම කර්මාන්තවලට සැපයීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා.”
අමාත්‍ය නලින්ද ඡයතිස්ස – කැබිනට් ප්‍රකාශක