ලැව් ගිනි නිසා නොදැවුණු මිනිසත්කම – හැරී කුමරු සහ මේගන් පැමිණෙයි

ලැව් ගිනි නිසා නොදැවුණු මිනිසත්කම

අඛණ්ඩව සිව් වන දිනටත් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි ප්‍රදේශ කිහිපයක පැතිර යමින් තිබෙන ලැව් ගිනි තත්වය තව දුරටත් පැතිර යමින් තිබෙනවා. ලැව් ගිනි හේතුවෙන් පුද්ගල මරණ එකොළහක් වාර්තා වන අතර ඉන් එක් ලක්ෂ අසූ දහසකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මෙලෙස පැතිර යන ලැව් ගිනි හේතුවෙන් නිවාස ඇතුළු ගොඩනැගිලි 10 000කට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා .

කැලිෆෝනියාවේ සැන්ටා මොනිකා කඳුකරයේ ඊයේ රාත්‍රියේ පැතිර ගිය ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයන් කටයුතු කළා. ලැව් ගිනි හේතුවෙන් නිවාස අතහැර ගොස් ඇති ජනතාවගේ දේපොළ සොරකම් කිරීමේ සිදු වීම ද වාර්තා වී තිබෙනවා. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් සහ අවට ප්‍රදේශවල රාත්‍රී කාලයේ ඇඳිරී නීතිය පැනවීමටයි ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇත්තේ. මේ අතර අවතැන් වූවන්ගේ සුවදුක් විමසීම සදහා හැරී කුමරු සහ මේගන් කුමරිය පැමිණ තිබෙනවා.

මේ අතර අවතැන් වූ පිරිස් වෙත සහන සැපයීමට රජය සහ සුවෙච්චා සංවිධාන කටයුතු කර තිබෙනවා. මේ අතර පවතින තත්වය සම්බන්ධයෙන් ජනාධිපති ජෝ බයිඩන් සහ කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා අතර සාකච්චාවක් පැවත්වී තිබෙනවා.එහිදී කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ සමාජ මාධ්‍ය හරහා වැරදි තොරතුරු සමාජ ගත කිරීම හරහා තම ප්‍රාන්තයේ පදිංචි කරුවන්ට වන හානිය වැඩි බවයි. එම නිසා පවතින තත්වය සැලකිල්ලට ගනිමින් පවතින සැබෑ තත්වයට මුහුණ දීමට කටයුතු කල යුතු බවයි ඔහු පෙන්වා දී තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *