ලැව් ගින්න ඇමරිකා එක්සත් ජනපදය ගිනිබත් කරයි

ලැව් ගින්න ඇමරිකා එක්සත් ජනපදය ගිනිබත් කරයි

ඇමරිකා එක්සත් ඡනපදයේ ලොස් ඇන්ඡලීස්හි පැසිපික් පාලිසඩීස් ප්‍රදේශයෙන් ඇරඹුණු ලැව් ගින්න මේ වනවිට දකුණු කැලිෆෝනියාව පුරා වේගයෙන් පැතිර යමින් තිබෙනවා. ඊයේ උදෑසන 10.30 ට පමණ හට ගැනුණු ලැව් ගින්න පැය කිහිපයක් තුළ ප්‍රදේශය පුරා පැතිර ගියේ ප්‍රදේශය තුළ තිබුණු පැයට කිලෝමිටර 80 ක වේගවත් සුළං ධාරා සහ වියළි කාළගුණයත් සමඟයි. ලැව් ගින්න පළමුව අක්කර 10 ක පමණ කුඩා ප්‍රදේශයකින් ආරම්භ වු නමුත් පැය කිහිපයක් තුළ එය අක්කර 2900 ක් දක්වා වේගයෙන් ව්‍යාප්ත වුණා.

දෛනික ඡන ඡීවිතයට එමගින් එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. එම ඡිවිත තර්ඡන හේතුවෙන් ගින්න පැතිර යන ප්‍රදේශවල දිවි ගෙවන 30,000 ට ආසන්න පිරිසක් මේ වනවිට ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. එමෙන්ම ලැව් ගින්න හේතුවෙන් ගොඩනැගිලි 13000 කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ තර්ඡනයකට මුහුණ දී ඇති බවද වාර්තා වෙනවා. මේ අතර පාලිසඩීස් ප්‍රදේශය හා සමාන ලැව් ගින්නක් මේ වනවිට ඇල්ටඩීනා ප්‍රදේශයේද හටගෙන ඇති අතර එයද මේ වනවිට අක්කර 200 කට ආසන්න භූමි භාගයක් පුරා පැතිර ඇති බවත් සඳහන්. ලොස්ඇන්ඡලිස් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසන පරිදි ගින්න පාලනය කිරිම සඳහා ගිනි නිවන බටයින් 250 ට අධික පිරිසක් හෙලිකොප්ටර් යානා සහ ගිනි නිවන රථ යොදා ඇති අතර මේ වනතෙක් කිසිදු ඡිවිත හානියක් හෝ තුවාල ලැබූවන් පිළිබද වාර්තා වී නැහැ.

මේ අතර පැසිපික් පාලිසඩීස්හි ඡනතාව මහා මාර්ගවල සිය මෝටර් රථ අතහැර දමා ඡිවිත ආරක්ෂාව පතා ඉවත්ව ඇති අතර එම වාහන මාර්ගවලින් ඉවත් කිරීමට ලොස්ඇන්ඡලීස් නුවර ගිනි නිවන දෙපාර්තමේන්තුවට බුල්ඩෝසර් යොදා ගැනිමට ද සිදු වුණා. කාළගුණ විශේෂඥයින්ගේ අනතුරු ඇගවීම් අනුව ලැව් ගින්න තවදුරටත් උග්‍ර වියහැකි අතර දින කිහිපයක් පුරා එම කදුකර ප්‍රදේශවල පැයට කිලෝමීටර 160 දක්වා වේගයෙන් සුළං හමා යා හැකි බවයි පැවසෙන්නේ. ලැව්ගින්න හේතුවෙන් ප්‍රදේශයේ පාසල් කිහිපයක් දැනටමත් වසා දමා ඇති අතර මිලියන ගණනක් වු කැලිෆෝනියා ඡනතාවට රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ලොස්ඇන්ඡලීස් නගරයට දැනටමත් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ලැව් ගිනි හේතුවෙන් නිවාස හා ව්‍යාපාර ස්ථාන 46,000 ට වැඩි ප්‍රමාණයක විදුලි බලයද බිදවැටී ඇති බවයි වාර්තා වන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *