දින 4 ක් පුරාවට ව්‍යාප්ත වෙමින් පවතින ඇමරිකාවේ පැසිපික් පැලිසේඩ් ලැව්ගිනි පාලනය කිරීමේ මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මකයි. මේ වනවිට කලාපයේ සක්‍රීයව පැවතෙන ලැව්ගිනි 5න් කිසිවක් සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට ගිනි නිවන අංශ මෙතෙක් සමත් වි නැහැ. ඒ අනුව ඇමරිකානු ඉතිහාසයේ දැවැන්තම ලැව්ගින්න ලෙස වාර්තා අතරට එක්ව ඇති මෙම ලැව්ගින්නෙන් මේ වනවිට මියගොස් ඇති පිරිස 11 ක්. ඉන් ගොඩනැගිලි 10,000 ට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර මරණ ගණනද තව දුරටත් ඉහළ යාමේ අවධානමක් පවතිනවා. ලැව්ගිනි නිවීමේ මෙහෙයුම් අසීරු වීමට හේතු වී ඇත්තේ කලාපයේ පවතින සුළගේ වේගය සහ මේ වනවිට මතු වී ඇති ඡල හිගය යි. එමෙන්ම ඡල හිගයක් මතු වීමට හේතුව සොයා විශේෂ විමර්ෂණයක් ද ආරම්භ කරන ලෙස කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා උපදෙස් ලබාදී තිබෙනවා. මෙවන් පසුබිමක දකුණු කැලිෆෝනියාවට මහඡන හදිසි සෞඛ්‍ය තත්වයක්ද නිවේදනය කෙරුණා. ලැව්ගිනි සක්‍රීයව පවතින පෙදෙස්වලට රාත්‍රී කාලයේදී ඇදිරිනීතිය පැනවීමට බලධාරීන් පියවර ගෙන ඇත්තේ එම පෙදෙස්වලින් වාර්තා වන නිවාස කොල්ලකෑම් සැලකිල්ලට ගනිමින්. මේ අතර ලොස්ඇන්ඡලීස් ලැව් ගින්නෙන් අවතැන් වු පිරිස් වෙනුවෙන් පැසඩේනාහි ආහාර, ඇදුම් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදෙන දැවැන්ත ස්වේච්ඡා ආධාර මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා. එමෙන්ම රාඡකීය වරප්‍රසාද අත්හළ බ්‍රිතාන්‍ය හැරී කුමරු සහ මේගන් කුමරිය පැසඩේනා සම්මේලන මධ්‍යස්ථානයේ රැදි සිටින ලැව් ගින්නේ වින්දිතයන් හමුවුණා.
Related Posts
කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ රැසක පෝල් මිල ඉහළට
කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ රැසක පෝල් මිල රුපියල් 200 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. ග්‍රාමීය ප්‍රදේශ වලත් පොල් ගෙඩියක මිල…
ඇමතිවරුන්ගේ නිල නිවාස විසි හතක් රජයට
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ හිටපු අමාත්‍යවරුන් භාවිතා කළා නිවාස විසි හතක් මේ වනවිට රජයට භාරදී ඇති බවටයි. මේ අතරින්…
මහින්දානන්ද අලුත්ගමගේ දේශපාලනයෙන් සමුගනී
මෙවර මහ මැතිවරණය තමාව ජනතාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කළ බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ…