ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී රාජ්‍ය සේවක කප්පාදුවක් සිදු කරනවා ද යයි නලීන් බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ මෙලෙසයි .
රාජ්‍ය සේවය තාමත් අකාර්යක්ෂමතාවයක් තිබෙනවා රාජ්‍ය සේවය තාමත් යම් යම් තැන් වල අකටයුතුකම් සිදුවනවා තාමත් මහජනතාවගේ කටයුතු එහාට මෙහාට දාලා පරක්කු කරනවා යම් යම් දේවල් බලාපොරොත්තුවෙන් .
එනිසා මේ දේශපාලන සංස්කෘතිය ඇති කර ගත් වෙනසත් එක්ක රාජ්‍ය සේවය ජනතාවට ඇත්තටම වේගයෙන් වැඩ කරන එකක් බවට පත්කර ගැනීමේ අත්‍යවශ්‍ය වුවමනාවක් ඇතිවෙලා තියෙනවා . නැත්නම් රට ඉදිරියට අරගෙන යන්න බෑ .
හැබැයි රාජ්‍ය සේවකයෝ තැපැල් ඡන්ද වලින් පෙන්නුවා ඒගොල්ලොත් මේ සිස්ටම් චේන්ජ් එකට කැමතියි කියල . ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රාජ්‍ය සේවයත් එක්ක කාර්යෂ්ම ගමනක් අපිට ඉදිරියට යන්න පුළුවන් කියල.
රාජ්‍ය සේවයේ වැඩිභාවයක් කතා කරනවා වගේම අත්‍යයවශ්‍ය තැන්වල රාජ්‍ය සේවය නැති ප්‍රශ්නකුත් තියෙනවා . මං සරලව උදාහරණයක් කියන්නම් වන ජීවී එකට ගත්තොත් වන ජීවි නිලධාරින් නෑ . අලි ප්‍රශ්න ඇති වන ප්‍රදේශ ගත්තොත් අපි කතා කරා හමුදාවටත් අපි කතා කරා සිවිල් ආරක්ෂක බලකායට විවිධ ක්ෂේත්රවල පිරිස් සම්බන්ධ කරගෙන තාවකාලික විසඳුමක් විදිහට අලි වගා බිම් වලින් පොඩ්ඩක් ඈතට තල්ලු කරලා දාන්න .ඒ අය සම්බන්ධ කරගන්න බෑ වනජීවී නිලධාරීන් සම්බන්ධ කරගන්නේ නැතුව ඒකට අවශ්‍ය වනජීවී නිලධාරීන් සංඛ්‍යාව ලංකාවේ නැති බව ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළා.