අද රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුව අමතමින් මෙසේ අදහස් පල කළා….
2020 ගෝඨාභය මැතිතුමා බලයට පත් වෙලා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුවා . එම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන අවස්ථාවේදී ගෝඨාභය ජනාධිපතිතුමාත් එක්ක එකතු වෙලා වියත් මග හැදුවා . වියත් මග නියෝජනය කරලා ආපු ගොඩක් අය ආණ්ඩු පක්ෂයේ හිටියා . එදා වියත් මගෙන් ආපු එක මන්ත්‍රීවරයෙක් මෙතන නැහැ . අද බෙහෙතකට අඹර ගන්න එක්කෙනෙක් නැහැ .
අද උදේ මුස්ලිම් ජනතාවගේ රවුෆ් හකීම් මැතිතුමා කියපු මුස්ලිම් ජනතාවගේ දේහයන් ආදාහනය කරන්න ඕනි කියන ඒ තර්කය ගෙනා වෙලාවේදී ඒ වියත් මගෙන් අපෙන් දාපු මිනිස්සු දැඩි ලෙස ටයි කෝට් දාගෙන ඒ මතය කාටවත් එලියට අරන් යන්න දුන්නේ නැති බව රෝහිත අබේගුණවර්ධන පැවසීය. එදා අපි කැබිනට් මණ්ඩලේ ඉදන් කතා කරපුවහම අපේ හඩ නිහඩ වුනා . අපිට ආචාර්යකම් මහාචාර්යකම් අවශ්‍යයි. නමුත් සමාජ උපාධියක් අපට ලැබිය යුතු බව පැවසීය. රෝහිත අබේගුණවර්ධනට ආචාර්ය මහාචාර්යකම් උපාධි නැති බවත් සමාජ උපාධියක් ඇති බවත් එතුමා පැවසීය. දේශපාලන කුණාටුවෙන් බේරුණු බවත් අවුරුදු 24 පාර්ලිමේන්තුවේ සිටිය බවත් එතුමා පැවසීය .