පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා අද උදැසන ඔහුගේ පාක්ෂිකයන් සමග එක්ව කළුතර දිස්ත්රික්කයේ විදී වල සැරි සැරූ සුනඛයන්ට සහ කපුටන්ට අහාර වේලක් සකස් කර බලු කපුටු දානයක් ලබා දුන්නා.
ඇමතිතුමා ( රෝහිත අබේගුණවර්ධන ) මොකද්ද මේ කරන්නේ ?
බලු කපුටු දානයක් දෙනවා. මේක පිං සිද්ද වෙන වැඩක්නේ.. ඉතින් දේශපාලනයේ හැමදාම මේ ගම් වල තමයි උදේට වියායාම කරන්න ඇවිදින්නේ.. ඒ ඇවිදින කොට ඉතින් ආණ්ඩුව තිබුනත් ආණ්ඩුව පෙරලුනත් මේ ගොල්ලෝ මට හැමදාම නැට්ට වැනුවා.. ඉතින් කෙලෙහෙගුණ තියෙනවා බල්ලන්ට.. අනිත් එක මුන්ට කන්ඩ දුන්න කියල ප්රශ්නෙකුත් නැහැ නේ.. චන්දෙත් නැනේ මේ ගොල්ලන්ට.. එක නිසා කන්න දීල මේ ගොල්ලන්ට කවදා හරි සලකනවා කවදාහරි පාර්ලිමේන්තු නැති උනත් මම දන්නවා බල්ලෝ නැට්ට වනනවා කියලා.