හිටපු පා.ම රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියගේ සැමියාගේ සහෝදරයෙකුට අයිති බව පැවසෙන එකලස් කරන ලද වාහන දෙකක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා පැමිණෙන ලෙස දැන් වූවත් ඔහු පොලිසිය මගහරිමින් සිටී.
පසුගිය දිනක අත්අඩංගුවට ගෙන රජයේ රස පරීක්ෂක වරයා වෙත මෙම වාහන දෙක යොමු කිරීමේදී හෙළි වුයේ මෙම වාහන දෙකම එකලස් කරන ලද වාහන දෙකක් වන බවටයි.
ඒ අනුව මහනුවර අධිකරණය විසින් ඔහුට රටින් පිට වීමට නොහැකි වන ලෙස වාරණ නියෝග නිකුත් කර තිබේ. මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කිහිපවරක් ඔහුගේ නිවසට ගියත් ඔහු පොලීසිය මගහරිමින් සිටී .