රාජිත සේනාරත්න මහතා මාධ්‍ය අමතමින් පැවසුවේ….
අද කියනවා වී මාෆියාව. ඔය මොන මාෆියාව ද ? ලෝකේ තිබෙන ලොකුම මාෆියා මොනවා ද? ආයුධ දෙවැනි එක ඖෂධ . මම ඖෂධ මාෆියාව නැති කරා. මම දුම්වැටි මාෆියාව නැති කරා . ඉතින් ඒ වගේ පිට කොන්දක්වත් නැනේ මේ මහලොකු ජනතා විමුකුති පෙරමුණේ මලිමාවට.
නාමල් කරුණාරත්න ගොවි නායකයා. එයා කීවේ අපිට බලය දෙන්න අපි පැය 24න් විසදනවා කිව්වා. දැන් බලය දීල මාස දෙකකටත් වැඩියි. කොහෙද විසදන්නේ . ඒ වී මාෆියාව එහෙම්මමයි.
බොරු සෝභන කරේ. බලය ලබා ගැනීම සදහා ආපු කාඩ් බෝඩ් වීරයෝ බව රාජිත සේනාරත්න මහතා පවසයි.