රාජ්‍ය සේවයට කළ අනතුරු ඇඟවීම….
ඉතිං තුනෙන් දෙකක බලයක් තියෙනවා. අපිත් හිතුවේ නෑ එච්චර තියෙයි කියලා. දුන්නා දෙන එක නැති වෙන්නම දුන්නා. 159 ක්ම දීලා තියෙනවා. එතකොට ඒකේ ඡනවරමේ අර්ථයක් තියෙනවා. උඹලා මේක හදපන්. ඉඩම් වාරිමාර්ග අමාත්‍යාංශයේ අපි මහඡන දිනය කළා. එන අයගෙන් 50% ක්වත් අපේ රාජ්‍ය සේවයට කළ අනතුරු ඇඟවීම නිලධාරීන්ට දොස් කියනවා.
ෆයිල් යටගහගෙන ඉන්න ඒවා කියනවා. ඒගොල්ලොම පගාව දීලා වැඩ කරගත්ත හැටි කියනවා. මං ලඟ ලැයිස්තුවක් තියනවා. තැපැල් කන්තෝරුවෙන් 80% ක් අපිට ඡන්දේ දුන්නා. එහෙනම් එයින් කියවෙන්නේ මොකද්ද? තිබුණ විදිය වෙනස් වීම සම්බන්ධයෙන් අපේ රාජ්‍ය නිලධාරීන්ටත් ඕනකමක් තියෙනවා. පොදු ඡනතාවගේ පැත්තෙන් දේශපාලනයට සුනාමියක් ආවා නරක දේශපාලනය ගහගෙන ගියා.
ඊළඟට සුනාමිය එන්නේ මහඡනතාවගෙන් ස්ථිරවම රාජ්‍ය සේවයට. අපිටත් පුළුවන් අවශ්‍ය නම්, ඒ දේශපාලන සුනාමිය නිර්මාණය කරන්න. තාම අපි එහෙම හිතන් නෑ. මට දැන් 60යි මාස 3යි. නිලධාරීන් 60 ට අඩුයි නේ ඔක්කොම. ඒ නිසා ඔක්කොම මට වඩා බාලයි. අපි වාරි මාර්ගයට විශාල ධනයක් වියදම් කරලා තියනවා.
අපේ අමාත්‍යාංශ ලේකම්ලාගේ සිට පහළ නිලධාරීන් දක්වා මේකේ ප්‍රතිඵල ලබලා තියනවා. අපි හොදට අදිනවා. අපි වාහනයක යනවා. අපි V8 වල යනවා.. අපි යන වාහනේ තෙල් පිච්චෙන්නේ සමහර වෙලාවට ලීටරයට කිලෝමීටර් 2යි, 3යි, 4යි…ව්‍යාපෘති ඔෆිස් දාලා තියනවා. කැඳ ටිකක් හරි අවුරුද්ද පුරා බොන්න පුළුවන් තත්වයකට ඇවිල්ලා තියෙන්නේ.
අන්තිමට ඔක්කොම කරලා තියෙන්නේ ගොවියා වෙනුවෙන්. අන්තිමට මොකක්හරි ප්‍රයෝඡනයක් ලැබිලා තියෙන්නේ ගොවියා නොවන අනිත් අයට. ඔබේ වී මිලේ ප්රශ්නය අපි ඉස්සරහට විසදලා දෙන්නම්. ඊළඟ කන්නයේ මිල දැනුත් මං ලඟ තියෙනවා. ගන්න මිලයි මිලයි, විකුණන මිලයි දෙකම.. කියන්න බෑ තාම. ඕගොල්ලො පිළිගන්න වී අළෙවි මණ්ඩලයට මුළු රටටම තියෙන්නේ එක ලොරිය යි. පිළිගන්නවද? එක ලොරිය යි. ගබඩා නෑ. දැන් අපි ගබඩා හොයනවා.”
කේ.ඩී. ලාල්කාන්ත – කෘෂිකර්ම අමාත්‍ය