ඡනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සාකච්ඡාවක් ඊයේ (26) පැවැත් වුණා. එහිදී රාඡය සේවය ශක්තිමත් කරන අතර රාඡ්‍ය සේවයේ පිරිවැය කළමනාකරණය කිරිමේ අවශ්‍යතාවය පිළිබඳව ද අවධානය යොමු වුණා.
අපි සැලසුම් කරලා තියෙනවා ඔබතුමාලට ඉතාමත් හොද සාධාරණ වැටුප් වැඩිවීමක් දෙන්න. මූලික වැටුපේ සාධාරණ වැටුප් වැඩි කිරීමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මූලික වැටුප.. මෙච්චරකල් කෑලි කෑලි එල්ලලා නේ තිබුණේ. මූලික වැටුප යම් විද්‍යාත්මක පදනමකට සකස් කරමින් යන්නේ. නමුත් මං හිතනවා බඡට් එකෙන් විශාල මුදලක් මුලික වැටුප් වැඩි කිරීමට වෙන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
ඊළගට විශ්‍රාමිකයන් මුහුණ දිලා තියෙනවා නේ 2016, 20 17 මෙහෙම කට්ට කිහිපයක් තියෙනවා විශ්‍රාමිකයන්ගේ. ඒක වසර 3 ක් ඇතුළත ගෙවන ආකාරයෙන් ඒ විශ්‍රාමික ප්රශ්නය විසදන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි ශක්තිමත් රාඡ්‍ය සේවයක් අපේක්ෂා කරනවා. හැබැයි අපි තේරුම් අරන් තියෙනවා මේ කාර්යය කිරීම සඳහා රාඡ්‍ය සේවය දරන පිරිවැය වැඩියි. සේවාව නෙවෙයි අපිට ප්රශ්නය මතු වෙලා තියෙන්නේ. මේ සේවාව තවත් ශක්තිමත් කරන්න ඕන. හැබැයි ඒ සේවාව ලබාදීම සඳහා දරන පිරිවැය වැඩි වෙලා තියෙනවා.
ඒ නිසා ඒ පිරිවැය කළමනාකරණය කිරීම පිළිබඳ අපේ අවධානය යොමු වෙලා තියෙනවා. රාඡ්‍ය සේවයේ විශාල ප්‍රමාණයක් අපි ඩිඡිටල්කරණය සඳහා පෙබරවාරි මාසේ විවෘත කරන්න බලාපොරෙත්තු වෙනවා. ඒ නිසා දේශපාලනය දන්නවද නැද්ද..මේ කිසිවක් නැතුව එන පුරවැසියාට සේවය ඉටු කරන්න අපි ඕගොල්ලන්ට අවශ්‍ය කරන පහසුකම් ටික ඩිඡිටල්කරණය හරහාත්, වැටුප් වැඩි කිරීම හරහාත්, පුරප්පාඩු පිරවීම හරහාත් ඔක්කොම කරලා අපි අපේක්ෂා කරනවා ශක්තිමත් රාඡ්‍ය සේවයක් පුරවැසියාට ලබා දෙන්න.”
එමෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද ඡනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
“ඊළග විශේෂයෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රෝගෑම් එකේ..ඉස්සෙල්ලම රඡයේ කාර්යාල ගත්තොත් ඒ කාර්යාලවල කැඩුණු පුටු, මේස, කම්පියුටර් ගොඩගහලා තියෙනවා. මේ ඔක්කොම අයින් කරන්න ඕන. අමාත්‍යාංශ ගත්තොත් පරණ වාහන ගොඩගහලා තියෙන්නේ. මේ ඔක්කොම අයින් කරන්න ඕන මාස 3ක් යද්දි. අයින් කරලා වැඩේ කරන්න පුළුවන් තැන් ටිකයි වැඩේ කරන්න අවශ්‍ය භාණ්ඩ ටිකයි, වැඩේ කරන්න පුළුවන් පිරිස් ටිකයි ඉන්න ඕන. පිරිසිදුව කාර්යාල පවත්වා ගැනීම අපේ ඉලක්කයක්. ඊළගට පුරවැසියන්ට අපි ආමන්ත්‍රණය කිරීමේදී නිලධාරියා සහ යටහත් භාවය කියන තැන අපි වෙනස් කළ යුතුයි.”
ඡනපති අනුර කුමාර දිසානායක