රනිල් සහ හරීන් ගහපු ගැහිලි ගැන දැවැන්ත හෙළිදරව්වක්

රනිල් සහ හරීන් ගහපු ගැහිලි ගැන දැවැන්ත හෙළිදරව්වක්

ඔබ දන්නවා දැන් ගිය සතියේ අප ඉදිරිපත් කරා විශේෂයෙන්ම ගිය වසරේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයත් ඒ වගේම හරීන් කියන තරුණ සහ ක්‍රීඩා අමාත්‍යවරයත් මැදිහත් වෙලා ගිය වසරේ අපේ රටේ තරුණයන්ට රුපියල් මිලියන 1000 අයවැයෙන් වෙන් කරේ. හැබැයි ඒ රුපියල් මිලියන 1000ක් වෙන් කරද්දි රනිල් වික්‍රමසිංහත් ඒ වගේම හරීන් අමාත්‍යවරයාත් රනිල්ගේ දේශපාලන ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් තරුණ සේවා සභාව පාවිච්චි කරමින් රුපියල් මිලියන 323ක දැවැන්ත වියදමක් කරලා තියෙනවා.

එතකොට ඒ වියදමත් එක්ක අප ඉදිරිපත් කරමින් කියනවා අප නෙමෙයි විගනන වාර්තා ඇතුලෙත් ඒ වගේම අභ්‍යන්තර විමර්ශන ඇතුළෙත් දැන් වාර්තා හෙළිදරව් වෙමින් යනවා මේ රනිල් සහ හරීන් හින්දා ඒවගේ මේ හිටපු සභාපතිවරයා ඒ සියලු දෙනා එකතුවෙලා අපේ රටේ තරුණයන්ට හිමි විය යුතු මුදල් කොහොමද තමන්ගේ පටු දේශපාලන අරමුණ වෙනුවෙන් පාවිච්චි කරේ කියලා. එනිසා අද අප ඉදිරිපත් කරන්න සූදානම් ජාතික විගණන කාර්යාලයේ විස්සයි විසිපහ ජනවාරි මාස හය වෙනදා විගණන විමසුම් වාර්තාවක් ඉදිරිපත් කළ තියෙනවා.

එතකොට මේ වාර්තාව සැලකිය යුතු ලීයවිලි ප්‍රමාණයක් ඇතුළෙ තියෙන්නේ. මේක විගණක විමසුම් වාර්තාවක්. මේක ඇතුලේ කරුණු ගණනාවක් මේ රනිල් හරීන් එකතු වෙලා ගහපු වැඩේ පිළිබඳ විමර්ශනයන් ආරම්භ කරලා තියෙනවා. මං ඒකේ අවධානය කරන්න ඕන කරුණු කීපයක් විතරක් මේ මාධ්‍ය හමුවේදී මම කැමති සූදානම් මේ මතු කරන්න මේක පළවෙනි එක තමයි මේක ගිය අවුරුද්දේ මාස හයක් ඇතුලේ ගිය ප්‍රොජෙක්ට් එකක්.

එතකොට මේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ රුපියල් මිලියන 223ක මුදලක් ආසන්න වශයෙන් වියදම් කරන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. හැබැයි මේ මේක සඳහා මේ ව්‍යාපෘති ඉදිරිපත් කරද්දී ඒගොල්ලෝ ඉදිරිපත් කරා එකක් ප්‍රදර්ශනයක් අනිත් පැත්තේ සංගීත ප්‍රසංග එතකොට මේකෙ අවසානය ගත්තොත් එහෙම මේ ප්‍රදර්ශනය සහ සංගීත ප්‍රසංග කරලා තියෙන්නේ තුනයි. ඊට පස්සේ සංගීත සංදර්ශන කරලා තියෙනවා නමයක් .

ඒ වගේම තවත් දෙකක් මූලික වියදම් කරලා තියෙනවා නමුත් ඒක පවත්වලා නෑ. ඒක මම කියන එකක් නෙමෙයි මේ විමසුම් වාර්තාවේ තියෙනවා. එකක් තියෙනවා කරපු නැති දෙකේ . හැටන් වල ගත්තොත් එහෙම දෙලක්ෂ තිස්හතර දහස් පන්සිය අනූ දෙකක මූලික වියදමක් කරලා තියෙනවා. නමුත් කිසිවක් කරල නෑ. ඒ වගේම වැලිසර ගත්තොත් එහෙම හැටදහකට වඩා වැඩි ප්‍රමාණයක් මුදල් වියදම් කරලා තියෙනවා මූලිකව කිසිදු ක්‍රියාවලියක් අවසන් කළ නෑත . ඊට පස්සේ මේකෙ මතුවෙන ක්‍රියාවලිය තමයි මේක මේක පටන් ගන්න මොකද්ද අරමුණ ? .

මොකද මේක තරුණ සේවා සභාවත් ඊට පස්සේ මීට පෙරවත් තිබුණු වැඩසටහනක් නෙමෙයි . අප දන්නවා ඕන්නං ඒ කාලීන අවශ්‍යතා මත වැඩසටහන් කියා කිරීමේ අමාත්‍යාංශික බලය තියෙනවා. ඒ ගැන ගැටලුවක් නෑ. හැබැයි මේකෙ මූලික අරමුණ ලෙස දාලා තියෙන්නේ කොවිඩ් එකත් ඒ වගේම අරගලයක් ඇතුලේ මේ රටේ තරුණ පරම්පරාව සැලකිය යුතු පීඩනයට මානසික පීඩනයට නතුවුනා. ඒක වෙනස් කර ගැනීමේ අරමුණෙන් තමයි මේ ප්‍රසංග කරන්නේ කියලා.

හැබැයි අපි බැලුවට පස්සේ කොවිඩ් එන්නේ ගත්තොත් එහෙම මීට වසර හතරකට පෙර අරගලය වෙන්නේ මීට වසර දෙකකට පෙර. එතකොට ගත්තොත් වසර හතරකට පස්සේ තමයි කොවිඩ් වලට ගත්තොත් එම අරගලෙන් ගත්තොත් වසර දෙකකට පස්සේ තමයි හරීන් රනිල් ට මතක් වෙන්නේ මේ රටේ තරුණයන් මානසික පීඩාවකට පත්වෙලා තියෙනවා. මෙන්න මෙච්චර මුදල් ප්‍රමාණයක් වියදම් කරලා වහාම ඒ මානසික පීඩනයෙන් මේ රටේ තරුණ පරම්පරාව ගලවන්න ඕන කියල වසර හතක තිබුණු කොවිඩ් ප්‍රශ්නෙත් ඒ වගේම ඊට වසර දෙකකට මතුවුණු මේ රටේ ජනතාවගේ නැගිටීමත් පාවිච්චි කරලා තමයි මේ වියාපෘතිය අනුමත කර ගෙන තිබෙන්නේ.

 එරංග ගුණසේකර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *