රනිල් වික්‍රමසිංහ යන්න කලින් ලබා දුන් මත්පැන් බලපත්‍ර ගණන සහ ඒවායේ සියලු කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
මෙම වසර ආරම්භයේ සිටි මත්පැන් බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතා බහක් ඇතිවුණා. එවැනි පසුබිමක් තුළ මත්පැන් බලපත්‍ර සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සකස් කළ වාර්තාව සභා නායක අමාත්‍යය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී සභාගත කළා.
බස්නාහිර පළාතට නිකුත් කර ඇති සුරාබදු බලපත්‍ර සංඛ්‍යාව – 110
දකුණ පළාතට නිකුත් කර ඇති සුරාබදු බලපත්‍ර සංඛ්‍යාව – 48
උතුරු පළාතට නිකුත් කර ඇති සුරාබදු බලපත්‍ර සංඛ්‍යාව – 32
නැගෙනහිර පළාතට නිකුත් කර ඇති සුරා බදු බලපත්‍ර සංඛ්‍යාව – 22
මධ්‍යම පළාතට නිකුත් කර ඇති සුරාබදු බලපත්‍ර සංඛ්‍යාව – 45
උතුරු මැද පළාතට නිකුත් කර ඇති සුරාබදු බලපත්‍ර සංඛ්‍යාව – 14
වයඹ පළාතට නිකුත් කර ඇති සුරාබදු බලපත්‍ර සංඛ්‍යාව – 30
ඌව පළාතට නිකුත් කර ඇති සුරාබදු බලපත්‍ර සංඛ්‍යාව – 30
සබරගමු පළාතට නිකුත් කර ඇති සුරාබදු බලපත්‍ර සංඛ්‍යාව – 30
ඒ අනුව මේ වන විට නිකුත් කර ඇති සමස්ත සුරා බදු බලපත්‍ර සංඛ්‍යාව 361 ක් .
2024 පළවෙනි මස පළවෙනි දිනෙන් පසු නිකුත් කර ඇති වයින් ස්ටෝස් වර්ගයේ බලපත්‍රර සංඛ්‍යාව
කොළඹ 22
ගම්පහ 18
කළුතර 08
ගාල්ල 09
මාතර 05
හම්බන්තොට 05
යාපනය 05
කිලිනොච්චිය 16
ඒ අනුව නිකුත් කර ඇති වයින් ස්ටෝස් වර්ගයේ සමස්ත බලපත්‍ර සංඛ්‍යාව 172 කි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම බලපත්‍ර දේශපාලන අල්ලස් ලෙස පක්ෂ මාරු කිරීමට භාවිතා කර තිබෙනවා.
ඊට අමතරව වවුනියාව , මන්නාරම , ත්‍රිකුණාමලය , මඩකලපුව , අම්පාර , මහනුවර , මාතලේ , නුවරඑළිය , අනුරාධපුරය පොළොන්නරුව , පුත්තලම , කුරුණෑගල , බදුල්ල , මොණරාගල , රත්නපුර , කෑගල්ල යන ප්‍රදේශවලටද නව මත්පැන් බලපත්‍ර නිකුත් කර ඇති බව සභානායකවරයා ප්‍රකාශ කළා