හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව සුරා බදු බලපත්‍ර 361 නිකුත් කර ඇති අතර ඉන් 172 ක්ම දේශපාලන අල්ලස් ලෙස ලබා දී ඇති බවට සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පසු ගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඊට පිළිතුරු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි අවධාරණය කර ඇත්තේ රට ආර්ථිකමය වශයෙන් කඩා වැටී ඇති මොහොතක හිටපු ජනධිපති සුරා බදු බලපත්‍ර නිකුත් කර ඇත්තේ සුරාබදු දෙපාර්තුමේන්තුවේ නීතිරීති සහ නියමිත ක්‍රමවේදයන්ට බවයි.
එම ක්‍රම වේදයට පරිබාහිරව එකදු සුරාබදු බලපත්‍රයක් හෝ නිකුත් කර නොමැති අතර නව බලපත්‍ර නිකුත් කීරීම හරහා රජය මෙම වසරේ මුල් මාස 9 ය තුළ රුපියල් බිලියන 3.1 කට අධික අදායමක් උපයා තිබෙන බවයි.
එසේම මැතිවරණ කොමිසන් සභාව 2024 අගෝස්තු 19 වන දා සුරා බදු කොමසාරිස් ජනරාල්වරයාට නිර්දේශ ලබා දීම තුළින් ද මත්පැන් බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය තහවුරු කර ඇති බවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය පෙන්වා දෙනවා.