රනිල් වික්‍රමසිංහ ජනතාවගේ මුදල් මලානි ෆොන්සේකාටත් දීලා

රනිල් වික්‍රමසිංහ ජනතාවගේ මුදල් මලානි ෆොන්සේකාටත් දීලා

රනිල් වික්‍රමසිංහ පැවසුවේ “මේ සියල්ලම අපිට කරන්න පුළුවන් වුනේ අයි.එම්.එෆ්. සංවිධානය තුළ තිබුණ ඒ ගිවිසුම තුළ. ඒ නිසා ඒ ගිවිසුම ඉදිරියට ගෙනියන්න ඕන. දෙසැම්බර් 20 දාට පෙර අපි අලුත් ඡාත්‍යන්තර බැදුම් කූපන් නිකුත් කරන්න යනවා. එහෙනම් ඒ වැඩකටයුතු සියල්ල අවසානයි.

දැන් තියෙන්නේ අපි බංකොලොත්භාවයෙන් මිදුන බවට ඒ ප්‍රකාශනය කරන්න. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී බදු ගෙවීමේ තලය ලක්ෂයේ සිට එක් ලක්ෂ පනස්දාහට වැඩි කරලා තිබෙනවා. අන්න ඒක තමයි අපිට කරන්න පුළුවන් සංඛ්‍යාව. දෙලක්ෂෙට ලබාගන්නවා කියලා මමත් අයි.එම්.එෆ්. සංවිධානය එක්ක සාකච්ඡා කළ බව රනිල් වික්‍රමසිංහ පැවසීය.

දෙලක්ෂයට ඔවුන් ඒකට එකඟ වුනේ නැහැ. ආණ්ඩුවට මං කියන්නේ මේ වැඩසටහනේ ඉන්ට ඕනෑ. මේකෙන් පිට වෙන්න බැහැ. හොද කාලෙත්, අමාරු කාලෙත් අපි එතන ඉන්ට ඕනෑ. විපක්ෂෙට මං කියන්නේ විවේචනය කරනකොට නිකන් විවේචනය කරලා ප්‍රයෝඡනයක් නැහැ. ඒ විවේචනය කරන්න ඕන අයි.එම්.එෆ්. ගිවිසුම් රාමුව ඇතුලේ කියලා මත්ක කරන්න කැමති. ඒ නිසා මේ සුභ පණිවිඩය දෙන්න මේ වචන ස්වල්පය කතා කලේ.”

රනිල් වික්‍රමසිංහ – හිටපු ඡනපති

මේ අතර 2005 – 2024 ඡනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර ලබාගත් පිරිසක් සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ඡනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ඡයතිස්ස මහතා පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදු කළා.

මේ සම්බන්ධයෙන්ද හිටපු ඡනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 2022 ඡූලි සිට සැප්තැම්බර් දක්වා ඡනාධිපති අරමුදලේ ක්‍රියාකාරකම් පිළිබඳ සංක්ෂිප්ත සටහනක් ද එහි ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව 2022 වසර වනවිට ගොඩගැසී තිබූ අයදුම්පත් ද සමඟ 2022 වසර තුළ රුපියල් මිලියන 1515 ක් ද, 2023 වසරේ රුපියල් මිලියන 839 ක් ද, 2024 වසරේ සැප්තැම්බර් මාසය දක්වා දළ වශයෙන් රුපියල් මිලියන 450 ක් පමණ ද රෝගීන් සඳහා වෛද්‍යාධාර වශයෙන් ඡනාධිපති අරමුදල හරහා ලබා දී තිබූ බව එහි සඳහන්.

මේ කාලය තුළ වෛද්‍යාධාර ලබා ගැනීම සඳහා මහඡන නියෝඡිතයින් පෞද්ගලිකවම විවිධ ඉල්ලීම් ඉදිරිපත් කළ බවත්, එක ඉල්ලීමකට හැර අනිත් සියලුම ඉල්ලීම් සඳහා ඡනාධිපති අරමුදලේ පවතින සාමාන්‍ය පරිපාලන ක්‍රමවේදය අනුව රුපියල් ලක්ෂ 10 ඉක්මවා කිසිදු මූල්‍යාධාරයක් ලබා දී නොමැති බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

ඒ අනුව සමස්ථයක් ලෙස රුපියල් මිලියන 2.9 ක් මුදලක් ඡනාධිපති අරමුදලෙන් ගෙවා ඇතැයි ද එම නිවේදනයේ සඳහන්. එහි වැඩි දුරටත් දැක්වෙන්නේ අග්‍රගන්‍ය සිනමා නිළි මාලිනී ෆොන්සේකා මහත්මිය සඳහා ඉන්දියාවේදී ප්‍රතිකාර ගැනීමට රුපියල් ලක්ෂ 50 ක වෛද්‍යාධාර මුදලක් ද ලබාදුන් බවයි.

2022 ඡූලි මස 31 වනවිට ඡනාධිපති අරමුදලේ පැවති රුපියල් මිලියන 7000 ක් පමණ වූ ආයෝඡන ශේෂය අදාළ ගෙවීම්වලින් පසුවද 2024 සැප්තැම්බර් 21 වනවිට රුපියල් මිලියන 11,000 ක් ඉක්මවා පැවතිය බවද එම නිවේදනයේ දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *