රථවාහන මෙහෙයුම් නවත්වන්නේ නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශයක
” පසු ගිය වසර පහක කාලසීමාව බැලුවොත් මෙම වර්ෂ පහේ මාරක රිය අනතුරු හේතුවෙන් පුද්ගල ජීවිත 12140ක ප්‍රමාණයක් අපිට අහිමි වෙලා තියෙනවා. ඒ වගේම දිනකට ආසන්න වශයෙන් බරපතල තුවාල සිදුවීමේ අවස්ථා නැත්නම් එවැනි රිය අනතුරු විස්සකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඒ අනුව පසුගිය වසර පහක කාල සීමාව තුළ බරපතල තුවාල ලබලා ආබාධි තත්ත්වයට ලක් වූ පුද්ගලයන් සංඛ්‍යාව අනු දහසකට ආසන්නයි .
ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය නවත්වා ගැනීම සඳහා මෙය රිය අනතුරු අවම කර ගැනීම සඳහා තමයි ශ්‍රී ලංකා පොලිසිය මෙම රථවාහන මෙහෙයුම් ආරම්භ කළේ. මෙහිදී අපි මූලික වශයෙන් මගී ප්‍රවාහන සේවා මඟින් සිදුවන රථවාහන වැරදි අවම කර ගැනීම සඳහා උත්සාහ දැරුවා. ඒ අනුව අපි එම රථ වල සවිකර ඇති අමතර පහන් විශේෂයෙන්ම ඉදිරියේ සවිකරලා තිබෙන ප්‍රධාන පහන් වලට අමතරව සවිකර ඇති ඉතා විශාල ආලෝකයක් නිකුත් කරන පහන් මගින් ඉදිරියේ ගමන් කරන වාහනවල ධාවනයට ඉතාම බාධා ඇති කරනවා. ඒ හේතුවෙන් රිය අනතුරක් සිදුවෙන්න පුළුවන්.
එමෙන්ම මෙම වාහන තුළ නොයෙකුත් සවිකිරීම් තිබෙනවා. ඒ හේතුවෙන් ඉදිරිපස දර්ශනයට බාධා වෙනවා . රියැදුරාට ඉදිරියේ තිබෙන මාර්ගය පැහැදිලිව නිරීක්ෂණය වෙන්නේ නෑ. ඒ හේතුවෙන් රිය අනතුරු සිදුවූ අවස්ථා ගණනාවක් පසුගිය කාලසීමාව දකින්න පුළුවන්. එමෙන්ම මෙම වාහන තුළ සහ වාහනවලින් පිටත සවිකරලා තිබෙන නොයෙකුත් ලෝහමය කොටස් මේ හේතුවෙන් අනතුරකදී සිදුවෙන අනතුරේ හානිය පුද්ගලයන්ට සිදුවන හානිය ඉතා වැඩියි.
එනිසා මෙවැනි නීති විරෝධී සවිකිරීම් ඉවත් කිරීම සඳහා අපි අපගේ මූලික අවධානය යොමු කළා. කෙසේ වුවත් මෙම මෙහෙයුම්වල මේ පළමු කාලසීමාව තුළ මේ සති දෙකක කාලසීමාව තුළ මෙලෙස නීති විරෝධී ලෙස සවිකිරීම් සිදුකර තිබෙන රථවාහන වලට පවා දඩපත්රිකාකා නිකුත් කිරීමක් හෝ අධිකරණ ඉදිරි නඩු පැවරීමක් සිදුකරන්නේ නෑ. ඔවුන්ට මෙවැනි නීති විරෝධී සවිකිරීම් ඉවත් කිරීම සඳහා දැනුවත් කිරීමක් තමයි මුලින්ම සිදුකරන්නේ. එමෙන්ම ඔවුන්ට පුළුවන් එම නීති විරෝධී සවිකිරීම් ඉවත් කර එම රථය පෙර පරිදි ධාවනය කිරීමට හැකියාව තිබෙනවා “
CLEAN SRI LANKA ව්‍යාපෘතිය දිවයිනම සුද්ධ කරමින් ඇරඹේයි