රට කාපු අය හර්ෂද සිල්වා ඇතුළු කණ්ඩායම බව බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළා. ඉතාම පහත් තත්වයට කරුණු රැගන යාමට උත්සාහ කිරීම ඉතාම වැරදි බව එතුමා පැවසුවා. ඒ හරිෂ ද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවේ කෑම සම්බන්ධයෙන් කල ප්‍රකාශයකට මාධ්‍ය වේදීන් හට පිළිතුරු ලබා දෙමින්.
තව දුරටත් අදහස් දක්වමින් බිමල් රත්නායක මහතා ප්‍රකාශ කලේ දැන් ඔවුන් උත්සාහ කරන බව පාර්ලිමේන්තුවේ කෑම එක , වාහනය ගන්නේ නෑ කිවා කියල. නමුත් එතුමන්ලා එසේ ප්‍රකාශ නොකළ බව එතුමා පැවසීය.
පාර්ලිමේන්තුවේ කෑම සාමාන්‍ය වෙළදපොළ වටිනාකමට ගෙන්න කියන යෝජනාව ප්‍රථමයෙන්ම ඔවුන් විසින් යෝජනා කල බව පැවසුවා. මන්ත්‍රීවරුන්ට කෑම උයාගෙන එතන වැඩ කරන්න බැරි බව ද එතුමා පැවසීය.
සෑම පර්ලිමෙන්තුවකම මන්ත්‍රීවරුන්ට සහ කාර්යමණ්ඩලයට කෑම එකක් ලබා දෙන බවත් එතුමා පවසන්නේ එය සාමන්‍ය මිළ ගණන් වලට අනුව ලබා දිය යුතු බවයි.
සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා රවී කරුණානායකව හලලා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඒමේ උත්සහයක් ගන්නා බව ද බිමල් රත්නායක මහතා පැවසීය. ජන්දය ඉල්ලා පරාද වුන කෙනෙක්ට උනත් ජාතික ලැයිස්තුවෙන් නිතියානුකූලව පාර්ලිමේන්තුවට පැමිණය හැකි බවත් පැවසීය.
ජන්දය නොඉල්ලූ රනිල් වික්‍රමසිංහට නෙට්ෆ්ලික්ස් බැලීමට සිදු වන බව එතුමා පැවසීය.