රටින් අරන් ගිය සල්ලි නැවත ගේන්න පියවර

රටින් අරන් ගිය සල්ලි නැවත ගේන්න පියවර

වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩ පිළිවලට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සහයෝගය ලබා දෙන බව ඇමරිකා සහකාර ලේකම් ජනපතිට පවසයි . ජනධිපති මාධ්‍ය අංශය සදහන් කලේ ශ්‍රී ලංකාවේ අරක්ෂාව සහ ආර්ථිකය ගොඩනැගීම සදහා මූල්‍ය සහ තාක්ෂණික සහය ලබා දීමට ද ඇමරිකානු රජය සුදානම් බව දැනුම් දුන් බවයි .

දේශපාලනික සහ ආර්ථිකමය සහ සමාජීය කාරණා සම්බන්ධ ප්‍රමුකුතා හදුනා ගනිමින් නව රජය රැගෙන යන වැඩ පිළිවෙල ඇමරිකානු රජයේ ඇගයීමට ද ලක් වී තිබේ . සාකච්චාවේදී අදහස් දැක්වූ ජනධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ නාස්තිය සහ දුෂණය අවම කිරීම සම්බන්ධයෙන් දේශපාලනික සංස්කෘතිය ඍජුව බල පා ඇති බවයි .

නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම තුළින් නාස්තිය සහ දුෂණයඅවම කිරීමට කටයුතු කරමින් සිටින බව ද ජනධිපතිවරයා මෙම සාකච්චාවේදී සදහන් කර තිබෙනවා . ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීම තුළින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමට වැඩසටහන් ආරම්භ කර ඇති බව ද ජනධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ නවීන තාක්ෂණය රාජ්‍ය සේවයට හදුන්වා දෙමින් ගුණාත්මක රාජ්‍ය සේවාවක් ඇති කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී පැවසූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *