යෝෂිත රාජපක්ෂ CIDයට කැදවයි විමලුත් CIDයට

යෝෂිත රාජපක්ෂ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දෙසැම්බර් මස කළ දැනුම් දීමකට අනුව ඔහු අද එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා . ඒ අනුව කතරගම ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක හිමිකාරත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද පෙනී සිටින ලෙසටයි යෝෂිත රාජපක්ෂ මහතාට එහිදී දැනුම් දී තිබුණේ .

එසේම එම ඉඩම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිඅරච්චිගේන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා පැය හතරක පමණ කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණා.

මේ අතර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය වෙත කැඳවා තිබෙනවා. ඒ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධව කළ ප්‍රකාශයක් පදනම් කර ගෙන මුදල් විශුද්ධි කරන පනත යටතේ විමර්ශනයත් සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමටයි. විමල් වීරවංශ මහතා සමඟ නීතිඥ උදය ගම්මන්පිල මහතා ඔහු වෙනුවෙන් පෙනී සිටීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *