යුරෝපයේ අවසන් ඒකාධිපතියාගේ ගමන දිගු වෙයි

belrus

යුරෝපයේ අවසාන ඒකාධිපතියා නමින් විරුදාවලි ලත් බෙලරූස් ඡනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ඡනාධිපතිවරණයෙන් ඡයග්‍රහණය කර තිබෙනවා. නිල ඡන්ද ප්‍රතිපල අනුව ලුකෂෙන්කෝ ලබා ඇති ඡන්ද ප්‍රතිශතය 86.82% ක්. ඒ අනුව ලුකෂෙන්කෝට හත් වැනි වරටත් පස් අවුරුදු ධුර කාලයක් වෙනුවෙන් බෙලරූස් පාලනය හිමි වෙනවා. රුසියානු ඡනාධිපති විලැඩ්මීර් පුටිං ගේ සමිපතමයෙකු වන ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ බෙලරූස් රාඡ්‍ය පාලනය කරන්නේ වසර 31 ක සිටයි. බෙලරූස් හි ස්වාධින මාධ්‍ය තහනම් කරමින් විපක්ෂයේ ප්‍රමුඛතම නියෝඡිතයින් සිරගත කර හෝ විදේශගත කර ඇති බැවින් මෙම මැතිවරණය සාධාරණ මැතිවරණයක් නොවන බවට එක්සත් ඡනපදය හා යුරෝපා සංගමය චෝදනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *