මාස දෙකකට ආසන්න කාලයක් යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව, කරවෙට්ටි සහ චාවාකච්චේරි යන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසවල හදුනා නොගත් උණ රෝගයක් පැතිර යනවා. යාපනය දිස්ත්‍රික්කයේ එම උණ රෝගය වැළදුණු රෝගීන් 12 දෙනෙකු පසුගිය නොවැම්බර් මාසයේ දී සහ රෝගීන් 21 දෙනෙකු දෙසැම්බර් මාසයේදී හදුනාගෙන ඇති අතර රෝගීන් 20 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් කිහිපයකට ඇතුළත් වී තිබෙනවා.
ඒ අතුරින් ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු රෝගීන් සිව් දෙනෙකු ඊයේ සහ පෙරේදා ඡීවිතක්ෂයට පත්ව ඇති අතර පේදුරුතුඩුව මූලික රෝහලට ඇතුළත් කෙරුණු රෝගීන් අතරින් රෝගීන් දෙදෙනෙකු ද ඡීවිතක්ෂයට පත් වී තිබෙනවා.
ඡිවිතක්ෂයට වූවන් අවුරුදු 20, 28, 33, 42, 46 සහ 65 යන වයස් වල පසු වූ අතර ඔවුන් යාපනය දිස්ත්‍රික්කයේ පේදුරු තුඩුව, කරවෙට්ටි චාචකච්චේරිය සහ මුලතිව් යන ප්‍රදේශවල පදිංචිකරුවන්. උණ රෝගය සමඟ ඇති වූ ශ්වසන අපහසුතා හේතුවෙන් දින ගණනාවක් ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු මෙලෙස ඡිවිතක්ෂයට පත් වී තිබෙනවා.
අදාළ මරණවලට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති අතර ඡිවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ රුධිර සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට සහ මහනුවර ඡාතික රෝහලට යොමු කර ඇති බවයි යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.
යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක ටී. සත්‍යමූර්ති මහතා වැඩි දුරටත් සඳහන් කළේ ඡිවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ මරණ පරීක්ෂණ වලදී ශ්වසන අපහසුතා නිසා මරණ සිදු වී ඇති බවට අනාවරණය වී ඇති අතර මෙම මරණ වලට හේතුව මී උණ බවට සැක පළ කරන බවයි.