මේ ආණ්ඩුව රටේ ජනතාවට කියන්න තියෙන සියලුම බොරු ටික කියල ජනතාව රවට්ටලා අන්දලා ජනවරමක් ගත්තා එදා කීවා පෝට්සිටිය හදන්න සීගිරි ගල කඩල දැම්මත් බැහැ කියල . එහෙම තමයි කිව්වේ . ඒවගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත් වෙච්ච දවසේ ඉඳලා රට නයකරා , ආර්ථිකයේ කැඩුවා ඔක්කොම කියපු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී ගිහින් කියනවා 2015 ඉඳන් 19 වෙනකන් තමයි ප්රශ්නේ තිබුණේ .
මේ ආණ්ඩුව ඇද්දැන් කියනවා මේ කාලේ නෙමෙයි මේ ප්රශ්නේ තිබුණේ කියලා . හැබැයි එතුමා එලවන්න රටේ මිනිස්සු උසි ගන්න ලා කටයුතු කරල අද ආණ්ඩුවක් ගත්තට පස්සේ තේරිලා තියෙනවා මේගොල්ලන්ට කරන්න බෑ කියලා .අපේ කිව්වා මේ අයට ප්රාදේශීය සභාවක් කරන්න බැරි කට්ටියට රටක් කරන්න බෑ කියලා. ඒක නිසා දැන් දින සීයකටත් වැඩී . මේ ලාභාල ආණ්ඩුවක් නෙමෙයි. දින සීයක්කට වැඩි ආණ්ඩුවක්.
එනිසා හාල් ඇටයක් ආපු දවසේ ඉදන් හාල් ප්රශ්නේ තිබෙනවා . ජනාධිපතිතුමන් පත් වෙච්ච දවසේ ඉදන් ප්රශ්නයක් තිබුණා. හාල් ඇටයක් ආණ්ඩුවට ගෙන්න ගන්න බැරිවුනා . හැබැයි අද මොකද කරන්නේ? ටෙන්ඩර් කැන්සල් වුණා කියනවා පිට වෙළෙන්ද ගේන ටික ආණ්ඩුව ඇරගෙන සතොසෙන් සතොසෙන් දෙනව ඒකට සියයට රුපියල් 65ක බද්දක් ගහනවා.
අපේ ආණ්ඩුව කාලේ රුපියල් පනහක බද්දක් තිබුණා. අපි රුපියල් හතළිස් නමයක් අඩු කරා. බද්ද ගැහැව්වේ රුපියලයි. ඒකාලේ . රුපියලක් බද්ධ ගහලා ජනතාවට අඩුමුදට හාල් දුන්නා. ඇයි අද රුපියල් 65ම ගහගෙන ඉන්නේ. මෝල් හිමියෝ හින්දා .මෝල් හිමියන්ගේ හාල් ටික ඒ ගානට විකුණන්න නං රටින් ගේන හාලුත් ඒ ගානට විකුණන්න ඕනෑ . ඇත්ත ප්රශ්නය එකයි .
ජනතාවගේ පැත්ත ගන්නවනං ඇයි රටින් ගේන හාල් ඒ රුපියල් 65 බද්ද පනහක් අඩු කරන්න බැරිය එතකොට ජනතාවට අඩුවෙන් හාල් ගන්න පුළුවන් අඩු කරොත් මෝල් හිමියෝ ආණ්ඩුවට බනිනවා . ඒක නිසා තමයි දැන් මේ වෙලේ කියනවා ගොයියො කියලා ගොවියන්ගේ වී කැපෙන්න එපැයි ගොවියන්ගේ වී ටික ගන්න . දැන් මේ වෙලේ හාල් ටික ගෙනල්ලා දෙන්න ඕනෙ.
ඒක ගේන්නෙ නෑ අර මහ මෝල්කරුවෝ ටික ආරක්ෂා කරන්න මේ භද්ද ගහගෙන ඉන්නේ. ඒ නිසා අපි කියනවා ජනතාව රවට්ටල ඡන්දය අරගෙන පෝහොසත් රටක් හදනවා කිව්වා ජනවාරි පළ වෙන්දට මේ රටේ මිනිස්සුන්ට කිරිබත් කන්න තියෙන්නේ පොහොසත් රටේ බාස්මති හාල් වලින් . කැකුළු හාල් නෑ. පෝලිමේ හාල් කිලෝ තුන ගන්නද පෝලිමේ ඉන්නවා .
මෙරට සහලෙන් ස්වයංපෝෂිත වෙලා තියෙනවා අපේ රටේ තෙල් බින්දුවක්වත් නෑ, තෙල් බින්දුවක්වත් නැති වෙලේ ලෝකෙ කොහෙන් හරි අපට තෙල් ගේන්න බැරිවුනා තෙල් නෑ තමයි. හැබැයි එවැනි පෝලිමේ ඉඳලා මිනිස්සු බනිනවා. විදුලිය නැතිවුණා එතකොටත් බැන්නා ගෑස් නැතු වුනා ඒත් බැන්න හැබැයි අද තමන්ගෙ බඩට කන්න හාල් ටික ගන්න අද පෝලිමේ ඉන්නවා.
ඒ පෝලිමේ ඉන්නේ ඒගොල්ලන්ට ගිහින් මයික් එක ඇල්ලුවහම ආණ්ඩුවේ රෙදි ගලවනවා. ඒක නිසා අපි ආණ්ඩුවට කියනවා බෑ…බැයි නම් එක දැන් දාලා යන්න ආණ්ඩුව හිතුවානම් මෙරටේ මිනිස්සු මුලා කරලා මේ කටයුතු කරන්න කියලා එක කීයටවත් කරන්න බෑ . ජනතාව බොහොම බුද්ධිමත් .ඒක නිසා අපි කියනවා අර පෝලිම් යුගයේ ආපහු ඇති කරන්න එපා .මෙරටේ මිනිස්සු බත් කන්නේ. අර හාල් ටික ගේන්ඩ ක්රමවේදයේ හරියට හදල හරි කරන්න කයිවාරුව දැන් නවත්තන්න කියලා