ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවන්ගත අග්රාමාත්ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 126 වැනි ඡන්මදින සැමරුම ගාලුමුවදොර පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී අද පෙරවරුවේ පැවැත්වුණා. එම අවස්ථාවට හිටපු ඡනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු ඡනාධිපති මෛත්රීපාල සිරිසේන ඇතුළු දේශපාලන නියෝඡිතයින් සහ නිදහස් පක්ෂ සමාඡිකයින් එක්ව සිටියා.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ඔක්කොම එකතු වෙලා වගේ?
“ඔක්කොම එකුතු වෙලා. නැවත මේ පක්ෂය ශක්තිමත් කරගත්තොත් රටට හොදයි.
නඩු ඔක්කොම ඉවත් කරගන්නවා?
“පක්ෂෙට ආදරේ හැමෝම දැන් නඩු ඉවත් කරගනිමින් යනවා. මෛත්රීපාල ඡනාධිපතිතුමත් තිබුණු නඩු ඔක්කොම අයින් කරගෙන තියෙනවා නේ.”
මහින්ද අමරවිර – ජේෂ්ඨ උප සභාපති – ශ්රී ලංකා නිදහස් පක්ෂය
ඔබතුමා දේශපාලනයෙන් සමු අරන්ද?
“නෑ නෑ නෑ.. මම අයින් වෙලා නෑ. මං ශ්රී ලංකා නිදහස් පක්ෂෙ නේ.”
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට එනවද ඉදිරියේ දී?
“කවුරු නායකත්වයට ආවත් මම සහයෝගය දෙනවා.”
ඒ කියන්නේ ඔබ නායකත්වය දීලා අයින් වෙනවා?
“පාක්ෂිකයෙක් විදියට මං වැඩ කරනවා. සහයෝගය දෙනවා.”
දිගින් දිගටම ඔහොම වෙද්දි.. අපේ ගෙදර එහෙම වුණානම්, අපේ තාත්තා කියන්නේ අයියෝ සිරිසේන ඔහොම කරන්න පුළුවන්ද කියලා අහනවා. ඔබතුමාට කවුරුහරි එහෙම කියලා තියෙනවද?
“අනේ නෑ. මට එහෙම කිසි කෙනෙක් කියලා නෑ. මම කරපු දේවල් හරි කියලා තමයි කියන්නේ.”
මෛත්රීපාල සිරිසේන – හිටපු ඡනාධිපති