මුදල් හොයන ආණ්ඩුවේ ව්‍යාපෘතිය ගැන වගේම අලියා ටෙලිෆෝනය එකතු වෙයි ද ?.
දැන් ඔබේ කාර්යය ඉෂ්ට කරල ඉවරයි දැන් තියෙන්නේ අපේ කාර්යය. මේක විශ්වාස කරන්න. අපේ මේක හදනවා. මේ ආණ්ඩුවටත් මේක හදන්න බැරි නම් තවත් ආණ්ඩුවක් නැහැ හදන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා පේනවා නේද දෙකක් දීලා ඇණකොටා ගන්න හැටි ගහගන්න හැටි මරාගන්න හැටි.
අපි 159 අරගෙන ශෝක් එකට ප්‍රශ්නයක් නැතිව ඉන්නවා. ඉතින් මේ ආණ්ඩුවට මේක හදන්න බැරිනම් මේක හදන්න කෙනෙක් නැහැ. භය වෙන්න එපා අපි මේක හදන බව නලීන් හේවගේ පවසයි. මුදල් නාස්තිය සහ දූෂණයෙන් තොර රටක් අපි හදනවා.
හර්ෂණ රාජකරුණා මහතා පවසන්නේ වෙනස්ම කතාවක්
තුනෙන් දෙකක බලයක් මේ ආණ්ඩුවට ජනතාව ලබා දීලා තිබෙනවා. දැන් මේගොල්ලන්ට කියන්න බැහැ කිව්වා දේවල් කරන්න විදිහක් නැහැ කියල. ජාතික ජන බල වේගය කිව්වා දේවල් දැන් IMF එකත් එක්ක කරන්න පුළුවන් ද කියන සැකය තියෙනවා.
මේ වාහන පාවිච්චි කරනේ නැහැ . බස් එකේ පාර්ලිමේන්තු එනවා. කෝච්චියේ පාර්ලිමේන්තු එනවා. බයිසිකලෙන් පාර්ලිමේන්තු එනවා.මේ පොළොන්නරුවේ ඉන්න මන්ත්‍රීවරයෙක්ට බස් එකේ එන්න පුළුවන් ද?.
මං හිතන්නේ ආණ්ඩුවට තිබෙන එකම විකල්පය මේ අපේ ප්‍රදේශයේ නිධානයක් හාරගන්න එක තමයි. ජාතික ජන බල වේගයේ ආර්ථික ප්‍රතිපත්තිය මේ රටේ ඉඩම් හාරන එක ද?
අපි ඉල්ලීමක් කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු සියලු දෙනාටත් මේ සමගි ජන බල වේගයත් එක්ක එකතු වෙලා එක වැඩසටහනකට එකතු වෙන්න.
එස්.බී.දිසානායක මහතා ප්‍රකාශ කලේ මෙවැන්නක්
හර්ෂණ රාජකරුණා මහතා එහෙම හිතන එක හොදයි. අපි එකතු වෙලා කදවුරක් හදන එක නරක දෙයක් නෙවේ. කොහාට ඇදිල ගියත් එකම පක්ෂේ කණ්ඩායම් දෙකක් විදිහට ඉන්නවට වඩා එකතු වෙන එක කාටත් හොද බවයි එස්.බී.දිසානායක මහතා ප්‍රකාශ කලේ .