මුජිබුර් රහුමාන් අද ( 04 ) පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස්…
මේක ඉතාම වැදගත් දෙයක් මේ රටේ නීතිය ආධිපත්‍යය පිළිබඳව.ඒ හින්ද මම අද එතුමගෙ අවධානය යොමු කරන්න කැමතියි. එතුමා විශේෂයෙන්ම මැතිවරණ වේදිකාවල් වල කතා කතා කරා නීතිය ආධිපත්‍යය පිළිබඳව.
එතුම කතා කරපු නඩු පහක් තිබුණා. ඒ නඩු පහෙන් වැදගත් නඩුවක් තමයි තාජුඩින්ගේ නඩුව. තාජුඩින්ගේ නඩුව සම්බන්ධව එතුමා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විදිහට ඉන්නකොට එතුමා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළා . ඒ නඩුව ඉස්සරහට ගෙනියන්න බැරි වුණේ ඇයි කියන එක මං හිතන්නේ ජනාධිපතිතුමත් දන්නා බව මුජිබුර් රහුමාන් පවසයි.
ඒ හින්දා මම එතුමාට අද මතක් කරන්න කැමතියි ඒ තාජුඩින්ගෙ නඩුවේ වීශේෂයෙන්ම අපිට ඒ නඩුව ඉස්සරහට ගෙනියන්න බැරි උනේ ඩයලොග් සමාගම අපට තොරතුරු ලබා දුන්නේ නැහැ. dialog සමාගම හිටපු DIG අනුර සේනානායක මැතිතුමාගේ දුරකථනය භාවිතා කරල තිබ්බ ඒ දුරකථන අංක ලබාදුන්නේ නැති බව මුජිබුර් රහුමාන් පවසයි.
ඊළඟට ආනන්ද සමරසේකර හිටපු හදිසි වෛද්‍ය පරීක්ෂණ නිලධාරියාගේ දුරකථනය තිබුණු වාර්තාව ලබාදුන්නේ නැහැ. ඒක නිසා ඒ වාර්තාවල් ලබා නොදුන්න dialog සමාගමේ ඒ ප්‍රධානී හාන්ස් විජේසූරිය මැතිතුමා අද ජනාධිපතිතුමාගේ ප්රදේශකයෙක් වෙලා ඉන්නවා ආර්ථිකය සම්බන්ධව බව මුජිබුර් රහුමාන් පවසයි .
මට තේරෙන්නේ නැහැ. ජනාධිපතිතුමා දන්නවා තාජුඩින්ගේ ඝාතනය සොයාගන්න බැරි වුණේ විශේෂයෙන්ම හාන්සි විජේසූරිය එදා ඩයලොග් එකේ ප්‍රධානියා හැටියට ඒ ලබා දෙන්න ඕන සහයෝගය ඔහු ලබා දුන්නේ නැහැ .
ඔහු එදා ඒ ඝාතනයට සැක කරන එදා හිටපු පාලකයන් එක්ක හොඳ සම්බන්ධතාවයක් හාන්ස් විජේසූරියට තිබුණා. ඒ හින්දා ඔහු හිතා මතාම තාජුඩින්ගේ ඝාතනය යටපත් කරන්න dialog එකේ සහයෝගය ලබා දුන්නේ නැහැ. එතුමාම ගෙනල්ලා දාලා තියෙනවා DIGITAL ආර්ථිකය උපදේශකයෙක් විදියට.