මී උණ අවධානමක් රෝගීන් ප්‍රමාණය ඉහළට

උණ

ලෙප්ටස් ස්පයිරෝසිස් හෙවත් මී උණ මීයන්ගෙන්, ගවයන්ගෙන් සහ මී ගවයන්ගෙන් පැතිරෙන අතර එම රෝගය වැළදුණු සත්වයෙකුගේ මුත්‍රා සමඟ අදාළ බැක්ටීරියාව බාහිර පරිසරයට මුසු වෙනවා. මිනිස් සිරුරේ ඇති කැපීම්, සීරීම්, තුවාල මෙන්ම ඇසට නොපෙනෙන තරම් සියුම් තුවාල හරහා ද අදාළ බැක්ටීයාව ශරීරගත වීමේ අවධානමක් පවතිනවා.

“වී ගොවිතැනේ යෙදෙන අයම විතරක් නෙවෙයි මේ සඳහා වැඩි අවධානමක් තියෙන්නේ. මේ ඡලය සහ මඩ සහිත පරිසරය ආශ්‍රිතව යම් කටයුත්තක් කරපු පුද්ගලයෙක් නම් එයාටත් මී උණ වැළදීමේ අවධානමක් තියනවා කියලා අවධාරණය කරන්න කැමති. උණ, තදබල ඇගපත වේදනාව, හිසරදය, ඇස් රතු වීම වගේ මූලික රෝග ලක්ෂණ ඇති වෙනවා නම් මේ වගේ අවධානම් නිරාවරණයකට යොමු වෙච්ච පුද්ගලයෙක්ට..

අනිවාර්යෙන්ම අපිට සැක කරන්න පුළුවන් මේක මී උණ රෝගය කියලා. මී උණ රෝගීන් වාර්තා වීම ගිය වසරේ ගත්තොත් සාමාන්‍යයෙන් 9000 ඉක්ම වූ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. මේ වසරේ දැනට 10,000 ඉක්ම වූ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙමින් පවතිනවා කියන එක තමයි කියන්න පුළුවන්.”

විශේෂඥ වෛද්‍ය කුමුදු වීරකෝන් – වසංගත රෝග විද්‍යා අංශය

බේකරිවල වැඩ කරන අයට වුනත් එනවා මේක. මොකද ගොඩක් මීයන් බහුලව ඉන්න තැන්වල මේ රෝගය තියනවා. එතකොට අපි සාමාන්‍යයෙන් කියනවා මේ බැක්ටීරියාව සිරුරට ඇතුල් වෙලා දවස් 7 – 14 ත් ඇතුළත මේක එළියට එනවා. රෝග ලක්ෂණ එන්නේ ඊට පස්සේ. එතකන් අපි දන්නේ නෑ අපිට මේක ආවද නැද්ද කියලා.

මහාචාර්ය වෛද්‍ය ප්‍රියමාලි ඡයසේකර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *