රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයෙකු සතුව තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැණික් ගල් කිහිපක් සහ රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂයක් වටිනා වෑන් රථයක් බලහත්කාරයෙන් රැගෙන යළි වෙනත් අයෙකුට භාර දීමේ චෝදනා යටතේ නෙවිල් සිල්වා මහතා අත්අඩංගුවට ගෙන තිබුණා.
අනතුරුව ඔහු ඉදිරිපත් කෙරුණේ රත්නපුර මහේස්ත්‍රාත්වරයා හමුවටයි. සැකකාර නෙවිල් සිල්වා මහතාගෙන් ඊයේ රාත්‍රියේ සිට අද අලුයම දක්වා දීර්ඝ ප්‍රකාශයක් ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.
2023 වසරේ මෙම සිද්ධියට අදාළ මැණික් ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ වෑන් රථය බලහත්කාරයෙන් රැගෙන යන අයුරු සී සී ටීවී කැමරාවක පටිගතව තිබුණා.