මාලිමා පාලනය අසාර්ථකයි ආයෙත් හාල් පෝලිම්

මාලිමා පාලනය අසාර්ථකයි ආයෙත් හාල් පෝලිම්

සහල් මාෆියා බලය මාලිමා 2/3 බලයටත් වඩා වැඩි බවයි පෙන්නේ. පුළුවන් නම් ඉතින් කරන්න එපැය මේ වෙන කොට . ඒ වගේම විදුලි බිල අඩු කරනවා කිවා. ඒකත් කීව පළියට කරන්න පුළුවන් දෙයක් නෙමේ. නමුත් එහෙම කියල මිනිස්සු රවට්ටලා චන්දෙ ගත්ත එක තමයි වැරදි .

දැන් එකත් ඒගොල්ලන්ට මාස 6ක් යන කන් විදුලි බිලේ වෙනසක් කරන්න බැහැ කියල කියනවා. අඩු කරා රුපියල් 2 කින් . එක දනේනේවත් නැහැ . ඊළගට දැන් මිනිස්සුන්ට කන්න බොන්න මූලික වශයෙන් මේ රටේ මිනිස්සු යොදා ගන්නේ බතයි පොල් සම්බෝලෙයි .

ඉතින් ඒ බත් කන හාලුත් නැහැ . ඒ වගේම දැන් පොලුත් නැහැ. ඒ වට මොනවා උනාද දන්නේ නැහැ හිටි ගමන් නැති වෙලා ගියා. එක පාරටම පොල් ගස් වල ඵලදාව එකවර අඩු උනෙත් නැහැ . එහම වෙන්න බැහැ . හාල් මාෆියාවක් නම් තියෙනවා. ඒ ගොල්ලෝ හාල් හංගගෙන ඇති. මේ ගොල්ලෝ කීවට එහෙම හාල් මාෆියාව නැති කරන්න බැහැ.

ඒ නිසා මේ විදිහට බලන කොට මාලිමා පාලනය දැනට අසාර්ථකයි කියල තමයි කියන්න තියෙන්නේ . සාර්ථක බවක් අපට පෙන්න නැහැ . නැවත පෝලිම් යුගයක් එනවා මේවට හරි විසදුමක් ලැබුනේ නැති නම්. හාල් හංගන් ඉන්නවා වී හංගන් ඉන්නවා ඒ මාෆියාව මර්ධනය කරන්න බැරි නම් ආයේ පෝලිම් හැදේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *