මාලිමාව සහ ජනතා විමුකුත් පෙරමුණ විනාශයි

මාලිමාව සහ ජනතා විමුකුත් පෙරමුණ

මාලිමාව සහ ජනතා විමුකුත් පෙරමුණ මේ රටට දුන්නු පණිවිඩේ මොකද්ද? ඒ ගොල්ල ඇරෙන්න අනිත් සියලුම කට්ටිය හොරු . මේ රටේ ඉන්න අනිත් දේශපාලනය කරන සියලු දෙනා හොරෙක් බවට පත් කලා.

ඔවුන් එක්ක ඉන්න හොරු හොදම බෝධිසත්ව ගණයට දැම්මා. ඒ විදිහට තමයි මේක පෙන්නුවේ. අනිත් එක ඒගොල්ලෝ සෝගිනි අරව මේවා ඔක්කම කිවා. ඒ සෝගිනි එහෙම්ම තිබියෙදී ඒ ගොල්ලෝ ගිහිල්ලා රුපියල් 50 000 ටිකට් එකට බ්ලැක් ලේබල් බීලා ඒවාට අප්පුඩි ගහගෙන ඉන්නවා.

ඒ සෝගිනි කණ්ඩායම තාමත් එහෙම්මමයි. එයාල දැන් කියනවා නිල නිවාස ඕනි නිල වාහන ඕනි කියල. ඕක නෙමෙයි සිස්ටම් චේන්ජ් කියන්නේ. නිහාල් ගලප්පත්ති අපු වෙලේනම් කිවා. අපරාදේ කියන්න බැහැ එයා ආපු කාලේ බත් මුලක් ගෙනල්ල කෑවේ. ටික දවසක් යද්දී තමයි පාර්ලිමේන්තුවේ කන්න පුළුවන් වුනේ.

මුලින්ම ආවේ බස් එකේ . ඊළගට ආව ත්‍රීවිල් එකේ. ඊට පස්සේ ඉල්ලුවා මරුටි. ඊට පස්සේ ඩබල් කැබ් එකේ.

පැරණි වම විනාශ වුනෙත් ආණ්ඩුවක් පිහිටුවල මේ වම ( මාලිමාව සහ ජනතා විමුකුත් පෙරමුණ) විනාශ වෙන්නෙත් පළමු වරට ආණ්ඩුවක් පිහිටුවල බව රාජිත සේනාරත්න මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *