මට තේරෙන විදියට අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාව සහ මාධ්‍යවලදී මන්ත්‍රීවරුන් කරන කතා පරස්පර විරෝධී තැන් තියෙනවා.අනුර කුමාර දිසානායක මහතා කරපු කතා වෙදී අපි දැක්කේ IMF වැඩසටහන සමග ඉදිරියට යන බවයි.
මන්ත්‍රීවරු තාම අරගෙන යන්නේ එතුමාලන්ට ලැබෙන පඩිය ගැනයි, වාහන ගැනයි . මේ සරල සිල්ලර කාරණා ගැන . මේ ආණ්ඩුව බලයට පත්වෙනකොට ඒගොල්ලො කිව්ව කාරණා තමයි අපි පඩි ගන්නෙ නැහැ වාහන ගන්නෙ නැහැ අපි බලාපොරොත්තු වෙන්නේ බස් වලින් එන මන්ත්‍රීවරු බිහිකරන්න.
නමුත් දැන් කියන කතාව සම්පූර්ණයෙන් වෙනස් . මේකට ජනතාව රැවටුනාදෝ කියලා හිතනවා
ආශු මාරසිංහ – එක්සත් ජාතික පක්ෂය