මහින්ද වෙනුවෙන් ඔක්කොම එකතු වුණු හැටි

මහින්ද වෙනුවෙන් ඔක්කොම එකතු වුණු හැටි

හිටපු ඡනාධිපති මහින්ද රාඡපක්ෂ මහතාගේ විඡේරාමේ පිහිටි නිල නිවසේදී ඊයේ රාත්‍රියේ (28) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සඳහා ශ්‍රී ලංකා පොදු ඡන පෙරමුණේ නියෝඡිතයන් මෙන්ම පසුගිය ඡනාධිපතිවරණයේදි සිලින්ඩරය ලකුණ යටතේ තරග කළ රනිල් වික්‍රමසිංහ මහතාට සහය දුන් පිරිසක්ද එක්ව සිටියා.

“අපේ කදවුරේ හිටපු 20 කට වැඩි පිරිසක් අද ඇවිත් හිටියා. ආරාධනා කරලා තිබුණේ ටික දෙනෙකුට. ඉතුරු කට්ටියට තව දවස් 2 න් එතුමා එන්න කියලා ආරාධනා කරලා තියෙනවා. ඒ වගේම මං බැලුවා ලක්ෂ 46 ක් දීලා මාසෙකට මේකේ කුලියට කවුරුත් ඉදි ද කියලා. මේක තක්සේරු කරේ කවුද දන්නෑ. අර අපේ ගොඩාක් දෙනෙක්ගේ ගෙවල් පිච්චුවා. අන්න ඒ පුච්චපු ඒවත් තක්සේරු කරන්න ඒ තක්සේරු කරපු මහත්තුරු ටික යවන්න ඕන.

මහින්ද රාඡපක්ෂ මැතිතුමා විවෘත ආරාධනාවක් කළා ඕගොල්ලෝ සියලු දෙනා හදපු පක්ෂෙ. ඒ පක්ෂෙත් එක්ක එකතු වෙලා කටයුතු කරන්න. අපි ඔක්කොම එකතු කරගෙන යන්න පුළුවන් නම්, මේ ආණ්ඩුව පරාඡයට පත් කරන්න ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී යමක් කරන්න පුළුවන් නම් අපි එකතු වෙලා කටයුතු කරන්න ඉදිරියේදී සාකච්ඡා කරනවා. එදා අපි රනිල් වික්‍රමසිංහ ඡනාධිපතිතුමා ඡනාධිපති කළේ අපේ පක්ෂය ගත්ත තින්දුවක් නිසා.”

ඡානක වක්කුඹුර – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

“අපි සියලු පක්ෂ එකතු වෙලා මේ මැතිවරණයට මුහුණ දෙන්න ඕන කියලා මතයක් අදහසක් අපේ තියෙනවා. අපි දිලිත් ඡයවීර මැතිතුමත් එක්ක කතා කළා, ඒ වගේම අපි චම්පික රණවක මැතිතුමත් එක්ක කතා කළා.. දැන් මහින්ද රාඡපක්ෂ මහත්තයත් එක්කත් අපේ සාකච්ඡාවක් තියෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් සිලින්ඩරයක් නෑ. රනිල් වික්‍රමසිංහ ඡනාධිපතිතුමාත් එක්කත් බ්‍රහස්පතින්දා සාකච්ඡාවක් තියෙනවා.”

දැන් ඇත්තටම මහින්ද රාඡපක්ෂ මහත්තයාට මේ වෙන දේවල් ගැන මොකද ඔබතුමාට හිතෙන්නේ?

“මහින්ද රාඡපක්ෂ මැතිතුමා කියන්නේ ඡාතික සංකේතයක්. එතුමාගේ ආරක්ෂාව රටට වැදගත්. එතුමාට මොනවාහරි කරදරයක් වුනොත් මේ රටේ ඊළග කැරැල්ල ඇති වෙනවා.”

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

“පරණ අයත් එක්ක අපි එකතු වෙලා යනවා. අපිත් එක්ක හිටපු කට්ටිය නේ. ඇයි ගත්තම වරදක් නෑනේ. අපි කොයිවෙලාවකවත් කියලා නෑ. අපි කැමතියි එකතු වෙලා වැඩ කරන්න.”

ප්‍රසන්න රණවීර – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *