රාජ්ය සේවා කොමිෂන් සභා කාර්ය පටි පටියට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් 116 දෙනෙකුට වහාම ක්රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා දුන්නා.
ඒ අනුව ප්රධාන ආරක්ෂක නිලධාරිවරයා පරිපාලන නිලධාරීන් සහ රියදුරන් ඇතුළු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා දැනට සිටින්නේ ආරක්ෂා නිලධාරීන් 60 දෙනෙකු පමණයි.
ස්ථාන මාරු වීම් ලැබූ ආරක්ෂක නිලධාරීන් රාජකාරිවලින් සමු ගත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරමේ පිහිටි නිල නිවසේදී.
මෙවැනි පසු බිමක ජනාධිපතිමහින්ද රාජපක්ෂ මහතා සිය ආරක්ෂාව වෙනුවෙන් සිට ස්ථාන මාරුවීම් ලැබූ සිය නිලධාරීන්ට සිය ස්තූතිය පල කර තිබෙනවා. සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.
” වසර ගණනාවක් පුරා මාගේ සෙවනැල්ල සේ ඉතා ම සමීපව , ළෙංගතුව මෙන්ම විශ්වාසනීය ව තම රාජකාරි ඉටු කරමින් මගේ සහ මගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිත ආරක්ෂා කරදීම උදෙසා ඉමහත් කැපකිරීම් කළ ඔබ සැමට මගේ හෘදයාංගම ස්තූතිය සහ ප්රණාමය ප්රකාශ කරමි.
රාජ්ය සේවයට අවංක ඔබ වැනි විශිෂ්ට නිලධාරින්ගේ සේවය සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ අභිමානය තව තවත් ඔප්නංවන බව මාගේ විශ්වාසයයි. ප්රභූ ආරක්ෂක රාජකාරිය තුළ ඔබ විසින් ඉටු කළ සේවය ගෞරවාන්විත හා විශිෂ්ට සේවයක් බව මා මේ මොහොතේ දී සිහිපත් කරමි.
ඔබ සැම ඇතුළු පවුල්වල පිරිසගේ ද විශ්ෂයෙන්ම ඔබේ දුවා දරුවන්ගේ ද අනාගත කටයුතු සාර්ථක වේවා යැයි ප්රාර්ථනා කරමින්, මෙපමණ කාලයක් පුරාවට මා සමඟ සිටි මාගේ නිල දරුවන්ට නැවත වරක් ස්තූති වන්ත වෙමි.
ඔබ සැමට තෙරුවන් සරණයි.”