මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයින් ඉවත් කෙරේ.

මහින්ද රාජපක්ෂ

අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් හෙළිදරාවක් මීට පෙර සිදු කළා. ඒ ශ්‍රී ලංකාවේ 5 වන විධායක ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ජීවිත අවදානමක් හෙළීම සම්බන්ධයෙනුයි . නමුත් එවක සිටි ආණ්ඩුව මැතිවරණයක් ආසන්නයේ නිසා එවැනි ආරක්ෂාව අඩු කිරීමට තීන්දු තීරණයක් නොගත් බව පැවැසූ යි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ.

නමුත් මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් 116 දෙනෙකු ඉවත් කර ඇති බවයි. ඒ අනුව ඉතාම සුළු පිරිසක් එතුමාගේ ආරක්ෂාව වෙනුවෙන් ඉතුරු කර ඇති බවයි පැවසුවේ. ඒ වගේම ප්‍රභූ ආරක්ෂාව ගැන ඉතා පළපුරුදු උසස් නිළධාරීන් රැසක් ඉවත් කර ඇති බව පැවසුවා. මෙය ඉතාම බරපතළ කාරණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ඊළාම් සංකල්පය තව දුරටත් මේ මහපොළොවෙන් ඉවත් කර ගෙන නොමැති බවත් කැනඩාවේ සිටින ඩයස්පෝරාව මේ ආකල්ප දුරු කර ගෙන නොමැති බවත් පැවසේ. එවැනි වාතාවරණයක් තුළ ප්‍රභාකරන් පරළොව යැවීමට සමත් වූ දේශපාලන නායකත්වයට විශේෂ ආරක්ෂාවක් හිමිවිය යුතු බව රනිල් වික්‍රමසිංහ පැවසූ බවත් එසේ තිබියදී වත්මන් රජය ජනාතාවට ඇති ප්‍රශ්න අමතක කරලා ඔවුන්ට තිබෙන ලොකුම වැඩේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම බවයි පැවසුවේ.

එසේම මේ රටේ තුන්වන පුරවැසියා වන කථානායකට හොර උපාධියක් ඇති බව විවිධ පාර්ශව චෝදනා එල්ල කරන බවත් ඒ සදහා සාර්ථක පිළිතුරක් ලිඛිත පිළිතුරක් කිසිම වගකිව යුතු පාර්ශවයකින් නිකුත් කර නොමැති බවත් පැවසේ. කතානායකවරයා පාර්ලිමේන්තුව පමණක් නොව දෙකෝටියක් ජනතාව රවට්ටා ඇති බවත් මේ ප්‍රශ්න යට ගහන්න මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි 116 දෙනෙක් ඉවත් කර ඇති බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *