මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ මෙවර මහ මැතිවරණයෙන් පොදුජන පෙරමුණ අපේක්ෂා කළ ආසන සංඛ්‍යාව ලැබී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ සභාපති මේන්ම හිටපු ජනාධිපති පවසයි.
ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ ලැබී ඇති ජනතා මතයට ගරු කළ යුතු බවයි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ
” ජයග්‍රහණය හොඳ බවත් ඔවුන් බලාපොරොත්තු වූ ආසන ප්‍රමාණය ලැබුණු බවත් මාලිමා ජයග්‍රහණය ඉතා හොඳ බවත් අලුත් අය බිහිවිය යුතු බවත් ඔවුන්ට ආණ්ඩුව කල හැකි බවත් රටේ ජනතාවගේ ඡන්දයෙන් ඔවුන් පැමිණි බවත් එයට අපි ගරු කළ යුතු බවයි.
පොදුජන පෙරමුණේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කළ බවත් මේ සටන ඔවුන් අත් නොහරින බවත් දේශපාලනයෙන් සමු නොගන්නා බවත් දේශපාලනඥයන් විශ්‍රාම නොගන්නා බවත්ය.
රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා නොකරන බවත් රනිල් වික්‍රමසිංහ ගැන දුක හිතෙන බව ඒ මහතා ප්‍රකාශ කළා. “