මහින්ද රාඡපක්ෂ ඕනි වෙලාවක යන්න සුදානම්

මහින්ද රාඡපක්ෂ

“ඒක විධායක ඡනාධිපතිවරුන්ට නැත්තන් හිටපු ඡනාධිපතිවරුන්ට ව්‍යාවස්ථාවෙන් ලබා දීපු කාරණයක් විශේෂයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් කේන්ද්‍ර කරගත් ප්‍රශ්නයක්. හැබැයි ඉතිං අතිගරු වර්තමාන ඡනාධිපතිතුමාට ඒක කාටහරි විකුණගන්න ඕන නම් ඒ හින්දා මහින්ද රාඡපක්ෂ මහත්තයා එතනින් අයින් කරගන්න අවශ්‍ය නම් එතුමාට ඒක ලිඛිතව දන්වන්න පුළුවන්. මොකද අපි ඒක ඉල්ලලා ගත්ත දෙයක් නෙවෙයි නේ. ඒක ඡනාධිපතිවරයෙක්ට ලැබෙන දෙයක්. ඒක ලංකාවට ආවේණික කාරණයක් නෙවෙයි.. ලෝකේ හැම රටකම හිටපු විධායක අග්‍රාමාත්‍යවරයාට හෝ ඡනාධිපතිවරයාගේ ධූරයෙන් පස්සේ තමන්ගේ ආරක්ෂාව සපයන්න.. නැත්තන් මේ ඡිවත් වෙන්න දෙන කාරණයක් නෙවෙයි. ආරක්ෂාව සඳහා ආරක්ෂිත තැනකින් නිවසක් ලබා දෙනවා. ඉතිං ඒ නිවස අරගෙන කාටහරි විකුනගන්න ඕනනම් ඉතිං ඡනාධිපතිතුමාට පුළුවන් ලිඛිතව දන්වන්න. මොකද අපි ඕවයි බලෙන් ඉන්නේ නෑනේ. “

එතකොට ඉන්නවානම් ලක්ෂ 40 ක්ද කොහෙද බදු ගෙවන්න ඕන කියනවා නේද?

“ඔව් ඉතිං ඒ තක්සේරු කරපු කෙනාම අර අරගලේ කාලේ අපේ ගෙවල් ගිනි තියපු කට්ටියගේ ගෙවල් තක්සේරු කරන්න යැවුවත් හොදයි. ඒ වගේම තමයි ඕක අනිත් සියලුම රාඡ්‍ය සේවකයන්ටත් බලපානවා. ඔය පා‍රේ මහින්ද රාඡපක්ෂ මහත්තයා විතරක් නෙවෙයි. තව මේ රටේ විශාල බලවත් නිලධාරීන් බොහෝමයක් ඡිවත් වෙන පාරක්. ඒ වගේම ගුරු නිවාසේ ඉදන් ඕක බලපානවා. ඕ.අයි.සී. මහත්තයාගේ නිළ නිවාසේ ඉදන් බලපානවා. ඉතිං ඒ තක්සේරුවටම අනිත් රාඡ්‍ය සේවකයන්ගේ නිළ නිවාසත් තක්සේරු කරයි ඉදිරියේ දී. ඉතිං එතකොට ඒක ඒ අයට ගෙවාගන්න පුළුවන්ද බැරිද කියලා බලමු.”

ඡාතික ඡන බලවේගයේ ඉන්න ඇමතිවරු, මන්ත්‍රීවරු හැම කෙනාම කියන්නේ අපි පළිගන්නේ නම් නෑැ කියලා. මේක පළිගැනීමක් ද?

ඒක ඡනාධිපතිතුමා කතාව කරනකොට මුණ දැක්කම හිතාගන්න පුළුවන්. එතුමාගේ මුණේ තියෙන සිරියාව බැලුවම හිතාගන්න පුළුවන් ඒක පළිගැනීමක්ද නැද්ද කියලා. ආරක්ෂාව කියන්නේ වරප්‍රසාදයක් නෙවෙයි. මේ සමහරු පටලවාගෙන ඉන්නවානේ ආරක්ෂාව වරප්‍රසාදයක් කියලා. ඒක අයිතියක්. ඒක විධායක ඡනාධිපතිවරයෙක්ට ලබාදෙන අයිතියක්. මොකද අපේ රටේ ඉතිහාසේ මරාගෙන මැරෙන බෝම්බකරුවො ඡනාධිපතිවරු ඝාතනය කරලා තියෙනවා.”

දැන් ඔය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළා විතරයි. හදිසියෙවත් රඡයෙන් කිව්වොත් යන්න ගේ දීලා. මොකද කරන්නේ.?

“අපෝ යනවා. මේවා අපේ ගෙවල් නෙවෙයි නේ. ආණ්ඩුවේ ගෙවල් නේ.

මහින්ද රාඡපක්ෂ මහත්තයාගේ මතය මොකද්ද මේ ගැන?

එතුමා ඉන්නෙත් ඒ මතයේ. එතුමා මහින්ද රාඡපක්ෂ. ඒක අමතක වෙලා හුගක් අයට. ඉතිං මහින්ද රාඡපක්ෂ මැතිතුමා මේ ගෙදරින් යවලා තංගල්ලට යැව්වම රටේ බඩු මිල අඩු වෙනවා නම්, හාල් මිල අඩු වෙනවා නම්, පොල් හිගයක් නැත්තන්, ලුණුවල හිගයක් ඇති වෙන්නැත්තන්, හාල්වල හිගයක් ඇති වෙන්නේ නැත්තං මේ රටේ ඡනාතාවට සතුටින් ඡිවත් වෙන්න පුළුවන්නම් අපිත් සතුටු වෙනවා.”

නාමල් රාඡපක්ෂ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *