මහින්ද මේකෙන් එලියට දැම්මොත් මේ රටේ මිනිස්සු ඉන්නවා

mahinda rajapaksha

“අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපිට ඔය ලොකු මාලිගාවල් ගෙවල් අපි බලාපොරොත්තු වෙනනේ නෑ. දුර බැහැර ඉදලා එන මන්ත්‍රීවරුන්ට මාදිවෙල නිවාස සංකිර්ණයේ නේවාසික පහසුකම් ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා. ඒවා එහෙම සැප පහසුකම් ඇති ස්ථාන නෙවෙයි. මං දැක්කා ඊයෙත් හර්ෂණ රාඡකරුණා මහත්තයාගේ කොළඹ තියෙන නිවසක තමයි සඡබේ සහ එක්සත් චාතික පක්ෂයේ සාකච්චාවක් පැවැත්වුණේ. ඒගොල්ලො මෙහෙ නිවාඩු කාලෙට ඇවිල්ලා විනෝදාංශයක් හැටියට දේශපාලනය කරපු අය. ඒ හින්දා අපිට මෙහෙම මාලිගා පිස්සුවක් අපිට නෑ. අපිට රථගාය නෑ. අපිට තියෙන වාහනේ ගිහින් අපි වැඩේ කරනවා.”

උපුල් අබේවික්‍රම – පා.ම. ඡාතික ඡන බලවේගය

“යම් යම් කාලවලදී ආණ්ඩු වෙනස් වෙනවා. හැබැයි මේ රටේ ඉතිහාසේ පළිගැනීමේ චේතනාව වැඩිපුර තියෙන.. දේශපාලන වශයෙන් පළිගන්න, තමන්ගේ ප්‍රතිවිරුද්ධ දේශපාලන මත දරන අය දිහා බලපු ආණ්ඩුවලට ආයුෂ අඩුයි. යම් විදියකින් මහින්ද රාඡපක්ෂ ඡනාධිපතිතුමාගෙන් දේශපාලනික වශයෙන් පළිගන්න හදනවා නම්, ඒක දේශපාලන කුහකකමක් කියලා තමයි අපිට කියන්න වෙන්නේ. මහින්ද ඡනාධිපතිතුමාව මේකෙන් එලියට දැම්මොත් මේ රටේ මිනිස්සු ඉන්නවා මහින්ද ඡනාධිපතිතුමා වෙනුවෙන් රුපියල රුපියල හරි එකතු කරලා ගෙයක් හදලා දෙන්න..”

රෝහිත අබේගුණවර්ධන – පා.ම. නව ප්‍රඡාතන්ත්‍රවාදී පෙරමුණ

“රොකට් යවපු, ඊලගට නාවික හමුදාවේ වෙන වෙන පෝස්ට් දරපු මේ මේ පුස්දඩු වෙච්ච පුතාලා තුන්දෙනෙක් ඉන්නවා. ඉතිං අනේ මේ තාත්තව තියාගන්න බැරිද? අපි කියලා තියෙන්නේ මේ ආණ්ඩුවෙන් ගෙයක් දීලා තියෙනවා. ඔයාට පුළුවන්නම් කුලිය දීලා ඉන්න. ඔච්චරයි. ඒකට ලියුම් දෙන්න ඕන නෑ. ලියුමුත් එයි.”

එරංග ගුණසේකර – තරුණ කටයුතු නියෝඡ්‍ය අමාත්‍ය

“මේ මහින්ද ඡනාදිපතිතුමා ඉන්න නිවස අලුත්වැඩියා කරත්, ඒකට අලුත් වටිනාකමක් එකතු වුනත් ඔය කියන විදියට ලිෆ්ට් එකක් දැම්මත් මේවා මහින්ද ඡනාධිපතිතුමා ගෙදර අරන් යන දේවල් නෙවෙයි කවදාකවත්. මේක රඡයේ දේපළක්. මේ දේපළ අයිති වෙනනේ රඡයට. මේක 88, 89 යුගය නෙවෙයි තුන්ඩු කෑලි දීලා, එහෙම නැත්තන් තර්ඡනය කරලා කෙනෙක්ව ගෙයින් දොට්ට දාන්න. බුදු හාමුදුරුවොන්ටත් දේවදත්ත ගල් පෙරළුවා. හැබැයි මතක තියාගන්න අවසානයේදී දේවදත්ත අපාගත වුණා මිසක් බුදු හාමුදුරුවන්ට වෙච්ච හානියක් නෑ. මං සමාන කරන්නේ නෑ මහින්ද රාඡපක්ෂ ඡනාධිපතිතුමා එයට. මං අදාහරණයක් පමනයි කිව්වේ..”

නීතීඥ මනෝඡ් ගමගේ – ශ්‍රී ලංකා පොදු ඡන පෙරමුණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *