මෙවර මහ මැතිවරණය තමාව ජනතාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කළ බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.
ඔහු මේ බව පැවසුවේ නාවලපිටිය පක්ෂ මෙහෙයුම් කාර්යාලයේ පාක්ෂිකයන් හමු වූ අවස්ථාවේ දී. පුරා දශක හතක් අලුත්ගමගේ කළ සේවාව තවදුරටත් අවශ්‍ය නොවන බව පසු ගියදා පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව තීරණය කළා.
සමස්ත මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම ශක්තිය මේ ජනතාවට ඉෂ්ඨ කරලා තිබෙනවා. 1993 පළාත් සභා මැතිවරණයෙන් දේශපාලනය ආරම්භ කළ මට පළමුවෙන්ම මනාප දහතුන් දාහක් ලබා දුන්නා.
දහතුන් දාහක් මනාප ලබාදුන්න මට අවසානයේ මහනුවර දිස්ත්‍රික්කය ජනතාව එක් ලක්ෂ හැටදාහ දක්වා ගෙනියන්න මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව කටයුතු කළා.
ඒ මැතිවරණ කාලේ විවිධ අවලාද චෝදනා එල්ල කළා. හැබැයි මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව ඒවා ප්‍රතික්ෂේප කරමින්මාව ගෙනිහිල්ලා මහනුවර දිස්ත්‍රික්කයේ ඉහළම තැන තිබ්බා .
නමුත් මේ මැතිවරණයේදී ජනතාව වෙනත් තීන්දුවකට එළඹුනා. මේ මැතිවරණයේ ජනතාවගේ තීන්දුවට හිස නමලා දේශපාලනයෙන් සමුගන්න මම තීරණය කළා යනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා