එක්සත් ඡාතික පක්ෂයේ 27 වැනි මහලේකම්වරයා ලෙස තේරී පත් වූ තලතා අතුකොරළ මහත්මිය අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිය ධූරයේ රාඡකාරි ආරම්භ කළා.
“අලියා ලකුණ යටතේ එන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ඡාතික පක්ෂයත්, එක්සත් ඡාතික පෙරමුණත් අනිකුත් සියලු දේශපාලන පක්ෂත් එකට එකතු වෙලා සමගියෙන් ඉදිරියට යන ගමනක් සඳහා රනිල් වික්‍රමසිංහ නායකතුමා සාකච්චා කරමින් ඉන්නවා.”
වඡිර අබේවර්ධන – සභාපති – එක්සත් ඡාතික පක්ෂය
මේ කණ්ඩායම් දෙක එකතු කරන්න දැන් මොකද්ද ගන්න පියවර?
“සමගි ඡන බලවේගය කියන්නේ අමුතු පක්ෂයක් නෙවෙයි. ඒකේ ඉන්න සියලු දෙනාම එක්සත් ඡාතික පක්ෂයේ හිටපු අය. එක්සත් ඡාතික පක්ෂයේ නියෝඡ්‍ය නායක ලෙස හිටපු සඡිත් ප්‍රේමදාස මහත්තයා ඒ පක්ෂය හදලා තියෙන්නේ. අපි ඒ අයට විවාත ආරාධනයක් කරනවා. මොකද ඒ සඳහා රනිල් වික්‍රමසිංහ නායකතුමාගේ පූර්ණ ආශිර්වාදය තියෙනවා.”
තලතා අතුකෝරල – මහලේකම් – එක්සත් ඡාතික පක්ෂය
එක්සත් ඡාතික පක්ෂයේ පාට කොළ. සමගි ඡන බලවේගයේ පාට කහයි කොළයි. සාමාන්‍යයෙන් ට්‍රැෆික් ලයිට් එකේ කහ පත්තු වෙනකං ඉන්නවද කොළ පත්තු වෙන්න. ඒ කියන්නේ ආරාධනාවක් එනකං ඉන්නවද?
“නෑ නෑ.. එහෙම නෑ. අපි මේ ආරාධනාව විවෘතයි. “
ඔබතුමා පළාතෙවත් නෑ කියලා හොයනවා.
“හිටියේ නෑ. ප්‍රඡාතන්ත්‍රවාදී අයිතියක්ද මොකද්ද තියෙනවලු බොරු කියන්න නේද? ඒක නිසා වෙන්න ඇති.. “
ඒ කියන්නේ හිටියෙම නැද්ද?
“නෑ නෑ.. ඉතිං මම ඔය ට්‍රිප් යනවනේ. අපි ඔය ට්‍රිප් එකක් ගිහින් එන්න ඇති. මං දන්නැ මං ලංකාවේ ඉන්නකොටත් මට ආරංචියි මම පිටරට ඉන්නවා, ඉස්පිරිතාලවල ඉන්නව කියන කතා කියනවා කියලා.”
දැන් බයේද ඉන්නේ අත්අඩංගුවට ගනී කියලා?
“මං මොකටද බය වෙන්නේ. “
එතකොට මල්ලි?
“ඔව් ඒක පිළිබඳව මුලින්ම නම් කරලා පළවෙනි පැමිණිල්ල දැම්මෙත් මම. එක පවුලේ ඉතිං ඉන්නවා විවිධ.. අතේ ඇගිලි පහ තියෙන්නේ. එහෙම අයියලා මල්ලිලගේ දේවල් තියෙනවා. එක පවුලේ එක බඩවැල කඩන් ආවා කියලා පුද්ගලයො වෙනස් වෙන්න පුළුවන් නේ. අනිත් එක ඒ පුද්ගලයො කරන වැරදි වලට අනිත අය වගකියන්න ඕන නැ නේ.”
දැන් ඒ කියන්නේ සම්බන්ධයක් ඇත්තෙම නැද්ද?
“මගෙත් එක්ක සම්බන්ධයක් නෑ.”
සහෝදරකමක් නැද්ද?
“සහෝදරකමක් නෑ වගේ තමයි ඉතිං. මොනවද කරන්නේ වැරදි කරනවා නම්?”
සහෝදරවරුන්ගේ ආණ්ඩුව ඉස්සෙල්ලාම ඔබතතුමාගේ සහෝදරයා ඇල්ලුවා නේ. ඔබතුමා තමයි ඉස්සෙල්ලම හිරේ දාන්න හදන්නේ.
“මං දැක්කා එහෙම කියනවා. ඔය E8 ගිවිසුම සම්බන්ධයෙන් කතා කරලා තිබුණා. ඒ ඉතිං ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ නීති විරෝධීව නෙවෙයි. ඇමතිවරයාට බලය තියෙනවා එහෙම එකගතා ගිවිසුම් හදාගන්න.”
කොරියා ගියපු කට්ටිය අනාතයි කියලයි ඔවුන් කියන්නේ…
“කොරියා ගියපු අය නම් අනාත වෙලා නෑ. කොරියා යන්න නොදීපු එකෙන් තමයි ඒ අය අනාත වෙලා තියෙන්නේ. “
මනූෂ නානායක්කාර – හිටපු අමාත්‍ය