මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයාගේ ගේම්

මනූෂ

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයා වන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිසර නානායක්කාර සිදු කර ඇති මූල්‍ය වංචා සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 26 ක් ලැබී ඇතිබව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. මෙතෙක් ලැබී ඇති පැමිණිලි අනුව පමණක් ඔහු රුපියල් පන්කෝටි හැත්තෑපන්ලක්ෂයක මුදලක් වංචා කර ඇති බවයි වාර්තා වන්නේ. අදත් මෙම මූල්‍ය වංචා සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත්, පැමිනිලි ලබා දීම සඳහා ලබා දී ඇති විශේෂ දුරකථන අංකය හරහා තවමත් පැමිණිලි ලැබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීයෙක් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *